නව වසරේ නිරෝගී දිවි­ය­කට නව ඇරැ­ඹු­මක් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අමෙ­රි­කන් එක්ස්ප්‍රස් කාඩ්පත් වෙතින් | දිනමිණ

නව වසරේ නිරෝගී දිවි­ය­කට නව ඇරැ­ඹු­මක් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අමෙ­රි­කන් එක්ස්ප්‍රස් කාඩ්පත් වෙතින්

නව වසරක ආරම්භයත් සමග බොහෝ දෙනෙක් නිරෝගී ජීවන රටාවන්ට යොමුවෙමින් ශරීර සුවතාව පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරති. ඇත්ත වශයෙන් නිරෝගී බව සම්බන්ධ ඉලක්ක පමණක් නොව ජීවිතයේ බොහෝ ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ශරීර සුවතාව ඉතාමත් වැදගත් වේ. මේ සාධකය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා ශරීර සුවතා ආයතන රැසක් සමඟ අත්වැල් බැඳ ගනිමින් තම කාඩ්පත් හිමියන්ට ඉතුරුම් හා දීමනා රාශියක් තිළිණ කිරීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් සූදානමින් සිටී.

ඒ අනුව මෙරට ජනප්‍රිය ව්‍යායාම මධ්‍යස්ථාන, ස්පා, ක්‍රීඩා සමාජ, සෞඛ්‍ය සම්පන්න ආහාර අලෙවි කරන ආපනශාලා සහ සෞඛ්‍ය හා ශරීර සුවතාව සම්බන්ධ භාණ්ඩ අලෙවි කරන අලෙවිසල් ආදිය සමග එක්වී කාඩ්පත් හිමියන්ට විශේෂ ප්‍රතිලාභ සැලසීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් කටයුතු යොදා තිබේ.

මේ වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී නිලූක ගුණතිලක මහතා මෙසේ පැවැසීය. “ලොව පුරාම ජනතාව තම ජීවිතයේ උපරිම ක්‍රියාකාරීත්වය ළඟා කර ගැනීමේ මඟක් ලෙස සෞඛ්‍යය හා ශරීර සුවතාව ඔස්සේ කායික හා මානසික යහපැවැත්ම පවත්වා ගැනීමට උත්සාහ කරනවා. එම නිසා නව වසරේ දී අපගේ කාඩ්පත් හිමියන්ටත් සෞඛ්‍යය හා ශරීර සුවතාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව ලබාදීමට අප තීරණය කළා. ඒ අනුව නව වසරේ දී නව අරමුණක් සාක්ෂාත් කර ගැනීමට, තම එදිනෙදා කටයුතු මැද ශරීර සුවතාව පවත්වා ගැනීමට හෝ මෙතෙක් පවත්වාගෙන ආ ජීවන රටාව සම්පූර්ණයෙන් වෙනස් කරමින් නිරෝගී ජීවන රටාවකට යොමුවීමට උත්සාහ කරන පුද්ගලයන්ට ඒ සඳහා අත්වැලක් හිමිවනවා. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව යනු කවදත් තම ගනුදෙනුකරුවන්ට අර්ථවත් ප්‍රතිලාභ සලසන බැංකුවක් ලෙස හැඳින්වීමට පුළුවන්.

නිරෝගී සම්පත තරම් වටිනා සම්පතක් තවත් නොමැති නිසා මෙය කෙනකුට දිය හැකි ඉහළම තිළිණයක් බව කිවහොත් එහි වරදක් නැහැ. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් 2018 වසරේ දී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පියවර තබන මෙන් මා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන්ට ආරාධනා කර සිටිනවා.”

නව අදහස දක්වන්න