චාමර සම්පත් දසනායක ඉල්ලා අස්වෙයි | දිනමිණ

චාමර සම්පත් දසනායක ඉල්ලා අස්වෙයි

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක එම පළාතේ අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. 
 
ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළ ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ විදුහල්පතිවරියක දණ ගැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙලෙස ඉල්ලා අස් වූ බව ය.
 
මේ අතර විදුහල්පතිනික් දණ ගැස්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පොලිස්පති පූජිත් ජයසුන්දරට උපදෙස් ලබාදී ඇතැයි ද පැවසේ.

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...