තැපැල් ඡන්ද සලකුණු කිරීම කොටසක් හෙට | දිනමිණ

තැපැල් ඡන්ද සලකුණු කිරීම කොටසක් හෙට

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට දිනයේ සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති අතර සෙසු රජයේ කාර්යාල, අධ්‍යාපන කාර්යාල, පාසල්, ලංකා ගමනාගමන මණ්ඩල කාර්යාල, ආරක්ෂක හමුදා කදවුරු සහ වෙනත් සියලුම ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 25 සහ 26 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතය.

මේ අතර පලාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සියයට 60ක් පමණ මේ වන විට අවසන් කර ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න සඳහන් කළේය.

පසුගිය 18 වන දින නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ අතර එය ලබන 04 වැනිදා දක්වා සිදුකිරීමට නියමිත බව තැපැල්පතිවරයා සඳහන් කළේය.

ජනවාරි මස 28 වන ඉරුදින විශේෂ බෙදීමේ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නව අදහස දක්වන්න