සරසවි අයැදින අවසාන දිනය දීර්ඝ කරයි | දිනමිණ

සරසවි අයැදින අවසාන දිනය දීර්ඝ කරයි

නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශ අයදුම්පත් භාරගන්නා අවසාන දිනය දීර්ඝ කිරිමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සඳහන් කළේ එම කාලය ලබන පෙබරවාරි දෙවන දින දක්වා කල් දැමීමට තීරණය කර ඇති බවයි.

2017,2018 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජනවාරි 26 ලෙස මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

අදාළ අයදුම්පත් අන්තර්ජාලය ඔසසේ යොමුකළ යුතුය.

2017 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ට ඒ සඳහා හැකියාව පවතියි.

නව අදහස දක්වන්න