උතුරු - දකුණු කොරියා එක කොඩියක් සෙවණේ | දිනමිණ

උතුරු - දකුණු කොරියා එක කොඩියක් සෙවණේ

ලබන පෙබරවාරි මාසයේ දකුණු කොරියාවේ පැවැත්වෙන ඔලිම්පික් ශීත ක්‍රීඩා තරඟ (Winter Olympics) සඳහා සිය ක්‍රීඩකයන් විසි දෙදෙනකු (22) සහභාගී කරන බව උතුරු කොරියාව පවසයි.

එම එකඟතාවය ඇති වී තිබෙන්නේ දෙරටේ ක්‍රීඩා ඇමතිවරුන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ(IOC) නියෝජිතයන්ගේ ද සහභාගිත්වයෙන් ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුන සාකච්ඡාවකදීය.

වසර දෙකක කාලයකට පසුව කොරියානු රාජ්‍යයන් දෙක අතර සිදු වූ ඉහළම මට්ටමේ හමුව එයයි.

පෙබරවාරි ඔලිම්පික් ශීත ක්‍රීඩා තරඟාවලිය සඳහා උතුරු කොරියාවේ සහභාගිත්වය පිළිබඳව අද සෙනසුරාදා (ජනවාරි 20) ස්විට්සර්ලන්තයේ පැවැත්වූ සාකච්ඡාව සංවිධානය කරන ලද්දේ ජාත්‍යන්තර ඔලිම්පික් කම්ටුව (IOC) විසිනි.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න