හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට නඩු | දිනමිණ

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට නඩු

සිරන්ජනි කුමාරි

සිමාසහිත ලංකා විදුලි පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු තවත් සේවකයන් කිහිපදෙනකු කළ වැරැදි සමුහයක් සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කරමින් නීති මඟින් කටයුතු කිරීමට ඉඩ නොදීමෙන් අල්ලස් පනතේ දුෂණය නම් වරද සිදු කර ඇති බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු හා නීතිපතිවරයකු වූ පිටර් මොහාන් මෛත්‍රි පීරිස්, හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වත්මන් අභියාචනාධිකරණ විනිසුරු අබ්දුල් හමිඩ් මො‍හොමඩ් දිලිප් නවාස් හා එවකට විදුලිබල මණ්ඩලයේ ලේකම් චාල්ස් ෆර්ඩිනැන්ඩු නැමැති අයට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ ඊයේ (18) නඩු පැවරීය.

වර්ෂ 2010/12/1 සිට 2010/12/30 යන දින වකවානුවල දී සිමාසහිත ලංකා විදුලි පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු තවත් සේවකයන් කිහිපදෙනෙක් කළ වැරැදි සමුහයක් පිළිබඳව සිරිපාල ජයලත් පතිරණ සභාපතිත්වයෙන් යුතු කමිටුව සකසන ලද 2009 ඹක්තෝබර් වාර්තාව හා මුතුකුඩආරච්චිගේ රත්නපාල ඩයස් ජයතිලක සකසන ලද 2010 ජුලි වාර්තාව අනුව අල්ලස් පනතේ දුෂණය වරද හා දණ්ඩ නීති සංග්‍රහයේ සපරාධි සාවද්‍ය පරිහරණය යන වැරැදි පිළිබඳව කරුණු අනාවරණය වි තිබිය දී එකි වැරැදිවලට වගකිවයුත්තන්ට නිතිවිරෝධි අනුග්‍රහයක් හෝ වාසියක් සිදු කිරීමේ චේතනාවෙන් එසේ විය හැකි බව දැන දැනම එම කරුණ අපරාධ පරීක්ෂණ පැවැත්වීමට තරම් සුදුසු නොවන බවට තීරණය කර එකී තීරණය මතයක් ලෙස දක්වා මෙම චෝදනා පත්‍රයට 2010/12/16 දරණ ලිපිය පළමු චුදිත විසින් තුන්වන චුදිතට නිකුත් කිරීම අල්ලස් පනතේ 70 වගන්ති ප්‍රකාර දුෂණ වරද සිදුකිරීම හෝ එකි වරද සිදු කිරීමට අනුබල දීමට එකඟවීමෙන් එකි වරදට පොදු අරමුණක් සහිතව ක්‍රියා කිරීමෙන් වරද සිදු කිරීමට අනුබල දීමට කුමන්ත්‍රණය කළ බවට දණ්ඩ නීති සංග්‍රහයේ 113(ආ) හා 102 සමඟ අල්ලස් පනතේ 70 දුෂණය වරද සිදු කර බව සඳහන් කරමින් අල්ලස් කොමිසම චුදිතයන් තිදෙ‍නාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

වර්ෂ 2010/12/16 වන දින ලිපිය තුන්වන චුදිත වෙත නිකුත් කිරීම, දණ්ඩ නිති සංග්‍රහයේ 102 වගන්ති ප්‍රකාර වරදක් සිදු කිරීම හා අල්ලස් පනතේ දුෂණය වරද සිදු කිරීම යන චෝදනා හතරක් සම්බන්ධයෙන් චුදිතයන් වෙත ‍කොමිසම චෝදනා ගොනු කර තිබිණ.

නීතිපති දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්‍ය ලේකම් ඇතුළු සාක්කි 20දෙනෙකු හා නඩු භාණ්ඩ 19 නම් කර තිබු අල්ලස් කොමිසම අංක 60/පිරිස් ඇවනියු , කළුබෝවිල , දෙහිවල පදිංචි පළමු චුදිත ලෙස හිටපු නි‍යෝජ්‍ය සොලිසටර් ජනරාල් අබ්දුල් හමිඩ් මොහොමඩ් දිලිප් නවාස් , දෙවන චුදිත ලෙස නො 3/14ඩී, කිංස්ලි පාර,කොළඹ 8 පදිංචි හිටපු නීතිපති පිටර් මොහාන් මෛත්‍රි පීරිස් මහතා ද තෙවන චුදිත ලෙස එවකට විදුලි බල පුද්ගලික සමාගමේ හිටපු ලේකම් 112/60 ක්වින්ස් පාර්ක් රෙසිඩන්සි ,ඩි .එම් කොළගේ මාවත , නාවල පදිංචි මහවිදානලාගේ මුනිදාස චාල්ස් ෆර්ඩිනැන්ඩු යන අය නම් කර තිබිණි. මෙසේ අධිකරණය හමුවේ නඩු පවරමින් අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරි සැරයන් ප්‍රේමසිරි මහතා හා සැරයන් චන්ද්‍රසිරි මහතා ඉල්ලා සිටියේ චුදිතයින් වෙත සිතාසි නිකුත් කරන ලෙසය.

අදාල කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා චුදිතයන්ට ලබන මාර්තු අටවන දින අධිකරණයේ පෙනි සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කළේය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...