Entrepreneur of the year රන් සම්මා­නය ත්‍රී සිංහ සමූහ ව්‍යාපා­ර­යට | දිනමිණ

Entrepreneur of the year රන් සම්මා­නය ත්‍රී සිංහ සමූහ ව්‍යාපා­ර­යට

ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ මංජුල ආරියකුමාර මහතා (0768768100) ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) සංවිධානය කළ වසරේ ව්‍යාපාරිකයා සම්මාන උළෙලේදී බස්නාහිර පළාතේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් සහ ජාතික මට්ටමේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

කුඩා පරිමාණයෙන් අරඹා වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් බවට පත්වී තිබෙන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. 2015දී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය පිරිනැමූ කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයත්, 2016දී ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) පිරිනැමූ විශිෂ්ටතම ව්‍යවසායකයා රිදී සම්මානත්, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සම්මේලනය පිරිනැමූ නිෂ්පාදන විශිෂ්ටතා සම්මානත් ඒ අතරින් ප්‍රධානය.

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාළ නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට හඳුන්වා දුන් ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ නවතම හඳුන්වාදීම වන්නේ පරිසර හිතකාමී ලෙස විදුලි බලය නිපදවන සූර්ය පැනල පද්ධතියයි. රෝලර් ඩෝ, රෝලර් ෂටර්ස්, සෙක්ෂනල් ඕවර්හෙඩ් ඩෝ, වින්ඩෝ ෂටර්ස්, ෆයර් රෙසිස්ටන්ට් ඩෝ, ඇලුමිනියම් ෆැබ්රිකේෂන්ස්, සෙන්සර් ඩෝ, ස්ටේන්ලස් ස්ටීල්, ස්ටීල් රේලින්ග්ස් සහ ස්ටෙයාවේස්, පොලිකාබනේට් කැනපීස්, ස්ටේන්ලස් ස්ටීල් පැන්ට්‍රි කබඩ්ස්, රැක් සිස්ටම්ස්, ස්ටීල් බිල්ඩින්ග්ස්, ඔටෝමැටික් බැරියර්ස් සහ මෝටර් සවි කළ ස්ලයිඩින්ග් ඇන්ඞ් ස්වින්ග් ගේට්ස් ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ අනෙකුත් නිෂ්පාදන අතර වේ. තමන් ලැබූ ජයග්‍රහණය පිළිබඳව මංජුල ආරියකුමාර මහතා පවසා සිටියේ මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට නව නිපැයුම් හඳුන්වා දෙමින් පාරිභෝගිකයන්ට ඉහළම සේවාවක් සැපයීම තම මූලික අරමුණ බවයි. පාරිභෝගිකයන් ත්‍රී සිංහ නාමය වෙත දක්වන විශ්වාසය මේ ජයග්‍රහණයෙන් තවදුරටත් තහවුරු වන බවද ඒ මහතා පැවැසීය.

සම්මානය ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයට

ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ මංජුල ආරියකුමාර මහතා (0768768100) ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) සංවිධානය කළ වසරේ ව්‍යාපාරිකයා සම්මාන උළෙලේදී බස්නාහිර පළාතේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් සහ ජාතික මට්ටමේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කුඩා පරිමාණයෙන් අරඹා වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් බවට පත්වී තිබෙන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. 2015දී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය පිරිනැමූ කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයත්, 2016දී ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) පිරිනැමූ විශිෂ්ටතම ව්‍යවසායකයා රිදී සම්මානත්, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සම්මේලනය පිරිනැමූ නිෂ්පාදන විශිෂ්ටතා සම්මානත් ඒ අතරින් ප්‍රධානය. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාළ නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට හඳුන්වා දුන් ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ නවතම හඳුන්වාදීම වන්නේ පරිසර හිතකාමී ලෙස විදුලි බලය නිපදවන සූර්ය පැනල පද්ධතියයි.

රෝලර් ඩෝ, රෝලර් ෂටර්ස්, සෙක්ෂනල් ඕවර්හෙඞ් ඩෝ, වින්ඩෝ ෂටර්ස්, ෆයර් රෙසිස්ටන්ට් ඩෝ, ඇලුමිනියම් ෆැබ්රිකේෂන්ස්, සෙන්සර් ඩෝ, ස්ටේන්ලස් ස්ටීල්, ස්ටීල් රේලින්ග්ස් සහ ස්ටෙයාවේස්, පොලිකාබනේට් කැනපීස්, ස්ටේන්ලස් ස්ටීල් පැන්ට්‍රි කබඩ්ස්, රැක් සිස්ටම්ස්, ස්ටීල් බිල්ඩින්ග්ස්, ඔටෝමැටික් බැරියර්ස් සහ මෝටර් සවි කළ ස්ලයිඩින්ග් ඇන්ඩ් ස්වින්ග් ගේට්ස් ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ අනෙකුත් නිෂ්පාදන අතර වේ. තමන් ලැබූ ජයග්‍රහණය පිළිබඳව මංජුල ආරියකුමාර මහතා පවසා සිටියේ මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට නව නිපැයුම් හඳුන්වා දෙමින් පාරිභෝගිකයන්ට ඉහළම සේවාවක් සැපයීම තම මූලික අරමුණ බවයි. පාරිභෝගිකයන් ත්‍රී සිංහ නාමය වෙත දක්වන විශ්වාසය මේ ජයග්‍රහණයෙන් තවදුරටත් තහවුරු වන බවද ඒ මහතා පැවැසීය.

නව අදහස දක්වන්න