ගිලන් භික්ෂු ශීල භාවනා ශාලාවට මුල් ගල තැබීම අද | දිනමිණ

ගිලන් භික්ෂු ශීල භාවනා ශාලාවට මුල් ගල තැබීම අද

උ‍ඩහමුල්ල තලපත්පිටිය ධම්ම නිකේතන විහාරස්ථානයෙහි අභිනවයෙන් ඉදිකරන ගිලන් භික්ෂු ශීල භාවනා ශාලාවට මුල් ගල තැබීම අද(18) උදෑසන සුබ මොහොතින් සිදු කෙරේ.

යො ගිලානං උපට්ඨහෙය්‍ය - සෝ මං උපට්ඨහෙය්‍ය බුදු වදන පසක් කර ගැනීමට මේ පුන්‍ය කර්මයට දායක වීමෙන් සැමට අවස්ථාව උදා වේ.

මෙම පුන්‍ය කර්මයට ඕනෑම අයකුට දායක විය හැකි අතර ගිලන් භික්ෂු ශීල භාවනා ශාලාව ඉදිකිරීම සඳහා රුපියල් 2500 කින් යුත් කොටස් 20,000 ක් පවතියි. පංච මහා විහාරාධිපති , කොළඹ ගම්පහ දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත පුජ්‍ය නාරාවල සුධම්ම නාහිමි සමග විහාරස්ථ දායක සභාව රට වැසි සැමට මෙම මහඟු පින්කමට දායක වන ලෙස ආරාධනා කරයි. 

නව අදහස දක්වන්න