ලංගමට අලුත් බස් රථ 50ක් | දිනමිණ

ලංගමට අලුත් බස් රථ 50ක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහා විදුලි බස් රථ 50ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

වායු සමීකරණය කරන ලද පතුල පහත් විදුලි බස් රථ 50ක් මේ අනූව ශ්‍රී ලංගමය වෙත මිලදී ගැනීමට නියමිතය. වයෝවෘද්ද සහ ආබාධිත මගී ජනයාට ද පහසුවෙන් භාවිත කළ හැකි පරිසර හිතකාමී ඝීග්‍ර බස් රථ සේවාවක් කොළඹ නගරයේ ස්ථාපිත වනු ඇත.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ධාවනය කළ හැකි බස් රථ ඇතතේ 6300ක් පමණි. ඉන් 2467ක් වසර 10කට වඩා පැරණිය. පැරණි බස් රථ නිතර ආපදාවට ලක්වීම හේතුවෙන් මහජනතාවට විශ්වාසදායක හා කාර්යක්ෂම බස් රථ සේවාවක් සැපයීමේ දී බාධා එල්ල වී තිබේ.

කාල සටහන් අනූව යෙදවීම සඳහා එම මණ්ඩලයට අවශ්‍ය මුළු බස් රථ සංඛ්‍යාව 7257ක් වේ.

එසේම ශ්‍රී ලංගම බස් රථ ඇණිය 100%ක්ම ඩීසල් බස් රථවලින් සමන්විත බැවින් එය වායු දූෂණයට හේතුකාරකය. අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.

නව අදහස දක්වන්න