එක්සත් ජාතික පෙරමුණේ ආරම්භක රැලිය ෙහට මහනුවරදී | දිනමිණ

එක්සත් ජාතික පෙරමුණේ ආරම්භක රැලිය ෙහට මහනුවරදී

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භක ප්‍රචාරක රැළිය පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) ඓතිහාසික මහනුවර නගරයේදී පැවැත්වේ.

මහනුවර නගරයෙන් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනේ දිස්ත්‍රික් 25හේ පැවැත්වෙන ප්‍රචාරක රැළි ඇමැතීමට නියමිතය.

අගමැතිවරයා සහභාගි වන ප්‍රචාරක රැළිවලට සමගාමීව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් , අැමැති කබීර් හෂිම් මහතා දිස්ත්‍රික් සම්මන්ත්‍රණ 25 ක් ඇමැතීමට නියමිතය.

මීට අමතරව ශ්‍රී ලංකාවේ සෑම මැතිවරණ කොට්ඨාශයකම එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් දිනකට වතු රැස්වීම් 10 බැගින් පැවැත්වීමටද සිරිකොත පක්ෂ මූලස්ථානය කටයුතු යොදා තිබේ.

වතු රැස්වීම්වලට නායකත්වය දෙනු ලබන්නේ අදාළ ආසනය නියෝජනය නොකරන වෙනත් මැතිවරණ කොට්ඨාශවලින් පැමිණෙන මැති ඇමතිවරුන්ය. මෙම රැස්වීම් සඳහා කොළඹින්ද කථිකයින් යවන බව එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකා අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා පවසයි. 

නව අදහස දක්වන්න