කසිප්පු ජාවාරමක් වටලා මිලිලීටර් 60,000ක බඩු මාට්ටු | දිනමිණ

කසිප්පු ජාවාරමක් වටලා මිලිලීටර් 60,000ක බඩු මාට්ටු

වැලිගම,චාලිමවුන්ට් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධි කසිප්පු ජාවාරමක් වටලා කසිප්පු මිලිලීටර් 60000ක් හා කසිප්පු පෙරීමට යොදා ගන්නා ගෝඩා මිලි ග්රැම් 520000 ක් ,හා කසිප්පු පෙරීමට ගන්නා උපකරණ පසුගිය 12 වැනිදා පෙරවරුවේ මාලිම්බඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු උඩුකාව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසියට ලද තොරතුරක් පරිදි අදාල වැටලීම මාලිම්බඩ පොලිස් ස්ථානාධිපති පී.කේ.සී.ජයවික්‍රම මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ ස්ථාධිපති පොලිස් පරික්ෂක එස්.විජෙසේකර,පොලිස් කොස්තාපල් 40655 ෂෙල්ටන්,55899 ජයවර්ධන,56260 සරත්,68154 සාරංග ,91684 වීරසුරිය යන නිලධාරීන් විසින් සිදු කරන ලදී. ලබන 15 වැනි දින සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ටී.කේ.මහින්ද - වැලිගම සමූහ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...