හරි පුදුම ඩ්‍රැයිවර්! | දිනමිණ

හරි පුදුම ඩ්‍රැයිවර්!

මේ වනාහී හරි පුදුම රියැදුරකු පිළිබඳ හාස්‍යජනක කතාවකි. හාස්‍යය සමඟ හිත කීරිගස්වන භයානක තත්ත්වයක් ද එහි පවතී. රියැදුරාගේ දකුණු අතෙහි වැලමිටට පහළ කොටස ආබාධිත ය. දකුණු පැත්තේ කන ද නැත. කන් පෙත්ත පමණක් නොව කනෙහි සිදුර ද නැත. ඉන් හැ‍ඟෙන්නේ මේ රියැදුරාගේ ශරීරයේ දකුණු පැත්ත හරි හැටි ක්‍රියාත්මක නොවන බව ය. ඔහු පදවාගෙන යන්නේ පාසල් බස් රථයකි. සියල්ලට වඩා භයානක තත්ත්වය වන්නේ ආබාධිත රියැදුරාට රිය පැදවීමේ බලපත්‍රයක් ද නොතිබීම ය. ඔහු කිසි දිනෙක රිය පැදවීමට පුහුණු වී නැත. මෙබඳු පුද්ගලයකු දරුවන් ද පටවාගෙන මහ පාරේ බස් රථයක් පදවන්නේ කෙසේ ද?

සිද්ධිය හෙළිදරව් වන්නේ හොරණ පොලීසියට ලැබුණු ඔත්තුවක් නිසා ය. ඔත්තුවෙන් කියැවුණේ ආබාධිත පුද්ගලයකු පාසල් බස් රථයක් පදවාගෙන යන බවය. පොලීසිය වහා ක්‍රියාත්මක වී පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ ය. ඒ මොහොත වන විට පාසල් දරුවෝ තිහක් බසයේ සිටියහ. ප්‍රශ්න කිරීම්වලදී රියැදුරා කියා ඇත්තේ අදාළ බස් රථය මීට පෙර තම පියා පැද වූ බව හා ඔහු මිය ගිය පසු වාහනය පැදවීම තමන් භාරගත් බව ය. වසර ගණනාවක සිට තමන් එම රථය පදවන බව ද; කිසි දිනෙක පොලීසියේ අවධානයට ලක්වී නැති බව ද; දඩ කා නැති බව ද ඔහු කියා සිටින්නේ ය. එයත් එක අතෙකින් පුදුම සහගත සන්තෑසියකි.

මේ සිද්ධියත් සමඟ පැන නඟින බරපතළ සමාජ ප්‍රශ්න ගණනාවක් පවතී. එයිනුදු ප්‍රධාන ප්‍රශ්නය බවට පත්වන්නේ දරුවන්ගේ ජීවිත මේ අයුරින් අවදානමට හා අනතුරට පත් කරන්නෝ කවරහු ද? යන්න ය. දරුවන්ට හොඳ ම දේ ලබා දෙනු යනුවෙන් සටන් පාඨ ගෙන එන අපේ සමාජය ඇත්තට ම දරුවන් නොසලකා හරින අන්දම මෙයින් හොඳහැටි පැහැදිලි වෙයි. ඉහත බස් රථයේ ගමන්ගත් කිසිදු දරුවකුගේ වැඩිහිටියකු බස් රථය ගැන සොයා බලා නැත. බස් රථයේ රියැදුරු ගැන සොයා බලා නැත. එසේ නැතහොත් සියල්ල දැනගෙන කරබාගෙන සිට ඇත. මේ දෙක ම වැරැදිය. කොටින් ම සිද්ධියට අදාළ මාපියන් තම වගවීම් මුළුමනින් ම පැහැර හැර ඇතැ’යි කියන්නට පුළුවන.

පාසල් බස් රථ සේවාව තුළ ද, පාසල් වෑන් රථ සේවාව තුළ ද සිදුවන විවිධ අකටයුතුකම් ගැන වාර්තා වරින් - වර පුවත්පත්වල පළ වී ඇත. ඇතැම් විද්‍යුත් නාලිකා ද මේ සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් විකාශය කර තිබේ. පාසල් දැරියන් වෑන් රථයේ රියැදුරු අතින් අපයෝජනයට ලක් වූ අවස්ථා තිබේ. රථයේ රියැදුරුගේ මාර්ගයෙන් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ අවස්ථා තිබේ. එලෙස ම දරුවන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කරන රියැදුරෝ ද සිටිති. මේ සියල්ල දෙස බලන විට පෙනී යන්නේ වැඩිහිටි අවධානය හා වැඩිහිටි රැකවරණය නියම අයුරින් නොලැබීම නිසා දරුවන් අයාලේ යන බව ය.

නැවත අප මූලික සිද්ධියට ගියහොත්; ආබාධිත පුද්ගලයාට වාහනය ලබා දුන්නේ කවුද? රියැදුරු බලපත්‍රයක් නැති කෙනකුට පාසල් බස්රථයක් පදවන්නට දුන්නේ කවුද? බලපත්‍රයක් නැති කෙනකු පාසල් බස් රියක් ධාවනය කිරීම ගැන ‍පොලීසිය සොයා බලන්නට ඉදිරිපත් නොවූයේ මන්ද? වැනි නෛතික ප්‍රශ්න ගණනාවක් ගොඩ නැ‍ඟෙයි. මේවා සියල්ල පසුපස ඇති සාධකය ලෙස අපට පෙනී යන්නේ විධිමත් නිරීක්ෂණ නැතිකම ය. විධිමත් පරීක්ෂණ නැතිකම ය. මෙහිදී මාපියන් වැරැදිය. සමාජය ද වැරැදිය. ඒ පමණක් නොව අදාළ තත්ත්වයට ගොදුරු වූ පුද්ගලයන් වැරැදි ය. බොහෝ දෙනකු කල්පනා කරනුයේ එදිනෙදා ජීවිතය ගැටගසා ගන්නා ආකාරය ගැන පමණි. එහෙත් එය ස්ථාවර නැත. අදහස් වෙනස් විය හැකිය. ‘පරමාදර්ශ’ වෙනස් විය නොහැකිය.

ආබාධිත පුද්ගලයා පැද වූ බස්රථය පිළිබඳ කතා තවත් සංසිද්ධි ගණනාවක් අප හමුවේ තබයි. එක සිද්ධියකින් කියැවෙන්නේ ශ්‍රී ලංකාව තුළ රියැදුරු බලපත්‍රයක් නැතිව රිය ධාවනය කළ හැකි බව ය. ඉහත බස් රථයේ රියැදුරා වසර කිහිපයක්ම බස්රථය ධාවනය කර තිබේ. ඔහු පොලිස් නිරීක්ෂණවලට හසු වී නැත. එක අතෙකින් එයත් පුදුමයකි. පොලීසියට ද මේ මගින් යම් පණිවුඩයක් ලැබේ. එනම්; පාරේ යනෙන වාහන ගැන මීට වඩා සැලැකිල්ලකින් කටයුතු කළ යුතු බව ය. රියැදුරු බලපත්‍ර නැති කෙබඳු පිරිසක් රටේ වාහන ධාවනය කරන්නේදැයි සොයාගැනීම මෙහිලා ඉතා වැදගත්ය. රියැදුරු බලපත්‍රයක් නැතිව වාහන ධාවනය කිරීම නැවැත්විය හැකි එක ම ආයතනය ද පොලීසිය වන්නේ ය. පොලිස් නිලධාරීන් කාලෝචිත ලෙස ක්‍රියා කරන්නේ නම් මේ ගැටලු බොහොමයක් විසඳාගත හැකි ය.

කොයි අතින් බැලුව ද අපට වැරැදුණු තැන් රාශියක් තිබේ. ‘ආදායම් නංවා වළපත අතගාන්නා සේ’ යැයි වන කියමන මෙහිලා ඉතා වැදගත් ය. අප බොහෝ විට ප්‍රශ්නය හඳුනාගන්නේ නැත. ප්‍රශ්නය මුල හඳුනාගන්නේ ද නැත. ඒ වෙනුවට අප ළඟ ඇත්තේ විවේචන හා කටමැත දෙඩීම් පමණි. ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රබලම ආර්ථිකයක් සහිත රාජ්‍යයක් බවට පත් කරන්නට යන්නේ ද මෙබඳු දුර්වලතා පවත්වාගෙන යමින් ය. හොරණ රියැදුරාගේ සිද්ධිය අපේ රට ගැන හොඳ වැටහීමක් ලැබීමට ඇති කදිම අවස්ථාකි.

ඉහත සිද්ධියේ දී අපි මාපියන්ට දොස් නඟන්නෙමු. පොලීසියටද දොස් නඟන්නෙමු. එහෙත් දරුවන්ට ආදරයක් ඇතොත් වැඩිහිටියකු පළමුව කල්පනා කළ යුත්තේ දරුවාගේ ආරක්ෂාව හා පෝෂණය ගැනය. ඒ දෙපක්ෂයෙන්ම පොහොසත් නම්; රටේ අනාගතය ගැන බිය විය යුතු නැත. එහෙත් දැන් සිදු වී ඇත්තේ අනෙකකි. වැඩිහිටියෝ නිදිමතේ සිටිති. හරි පුදුම ඩ්‍රැයිවර්ලා වාහන ගෙන යති.

අදහස් 3ක් ඇත

van rathaye daruwan pasal yawu demawpiyanta viruddawa lama hinsanaya yatathe nadu pawariya yuthuya.

Poleesiyata Mohu Nogetune Mohu Itha Hondin Neethi garukawa basaya padawa Thibeema,Balapathra Thibena Kada kupadinta Wediya Thamange Durwala kamak Ethibawa danna aya Ithahondin Ema kata Yuththa Karana Bawa sahathikaya. lankawe siduwu Marga anathuru Pareeksha kara Beluwoth Un Siyalu Denatama Riyaduru bala Pathra Himiya .Udaharanayak. Mage Mithrain dedenek Ekayek hamudawe sewaya Karai Anika samanya Kenek Dinaka Denna Ekwee Wayu raifalaye Ilakkayata Wedi Thebuwa samanya Mithrayage Wedithebeema Ilakkaya ta Ithama sameepai, Hamudawe Mithrayage Ilakkaya plathakawath ne Mithraya kawda Kiyalanan ahanna epa. Kalayuththe Ryaduru balapathraya Nethi Pudgalaya Wishesha Parekshanayakata bhajanayakara Ohuta Balapathraya Labadeemai Diyunu rata wala Sidu wanne Elesai.

Poleesiyata Mohu Nogetune Mohu Itha Hondin Neethi garukawa basaya padawa Thibeema,Balapathra Thibena Kada kupadinta Wediya Thamange Durwala kamak Ethibawa danna aya Ithahondin Ema kata Yuththa Karana Bawa sahathikaya. lankawe siduwu Marga anathuru Pareeksha kara Beluwoth Un Siyalu Denatama Riyaduru bala Pathra Himiya .Udaharanayak. Mage Mithrain dedenek Ekayek hamudawe sewaya Karai Anika samanya Kenek Dinaka Denna Ekwee Wayu raifalaye Ilakkayata Wedi Thebuwa samanya Mithrayage Wedithebeema Ilakkaya ta Ithama sameepai, Hamudawe Mithrayage Ilakkaya plathakawath ne Mithraya kawda Kiyalanan ahanna epa. Kalayuththe Ryaduru balapathraya Nethi Pudgalaya Wishesha Parekshanayakata bhajanayakara Ohuta Balapathraya Labadeemai Diyunu rata wala Sidu wanne Elesai.

නව අදහස දක්වන්න