අනුරාධපුර වෙළෙඳ සල්වලට සූර්ය පැනල | දිනමිණ

අනුරාධපුර වෙළෙඳ සල්වලට සූර්ය පැනල

රජයේ වැඩ පිළිවෙළක් අනුව සෑම වහලකටම සූර්ය විදුලිය බලය ලබා දී වසර 2020 වන විට මෙගා වොට් 1000 ක ධාරිතාවක් ලබා ගැනීමට බලාපොරොත්තුවන අතර ඉදිරි වසර දහය ඇතුළත වහල මත සූර්යබල පද්ධති දස ලක්ෂයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු යොදා ඇත.

ඒ කටයුත්තට මේ වසරේදී රජයට තව දුරටත් සහාය ලබා දීමේ අරමුණින් මහා බ්‍රිතාන්‍ය යේ යූ.කේ.සෝල් ආයතනයේ ශ්‍රී ලංකාවේ එකම අලෙවි නියෝජිත සන්ලීප් සෝලර් සොලියුෂන් ආයතනයේ ඉංජිනේරුවරයා ඇතුළු නිලධාරීන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි චෛත්‍ය වැද පුදා ගැනීමෙන් අනතුරුව අනුරාධපුර ශ්‍රාවස්තිපුර වෙළෙඳ සලකට සූර්ය පැනල සවිකිරීමට කටයුතු කරන ලදී.

සටහන හා ඡායාරූපය - හිදෝගම සමූහ චිත්‍රාරත්න කළුආරච්චි

නව අදහස දක්වන්න