පවතින හවුල් ආණ්ඩුව දිගටම පවත්වාගත යුතුයි | දිනමිණ

පවතින හවුල් ආණ්ඩුව දිගටම පවත්වාගත යුතුයි

 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සාදන ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට නම් පවතින හවුල් ආණ්ඩුව දිගටම පවත්වාගෙන යා යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (15) කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ සංවිධානය කර තිබූ තෛපොන්ගල් උත්සව අවස්ථාවෙන් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ ද කීය.

ලංකාවේ ප්‍රධානම පක්ෂ දෙකක් එකට එකතුවී මේ ආණ්ඩුව නිර්මාණය කර තිබෙන්නේ. මේ නිසා රට තුළ බොහෝ වෙනස්කම් ඇති කිරීමට හැකිවී තිබෙනවා. ඒ නිසා අපගේ මතය වන්නේ හවුල් ආණ්ඩුව දිගටම පවත්වාගෙන යා යුතු බවයි. එසේ වුවද දූෂණයට එරෙහිව ගන්නා ක්‍රියාවලි දිගටම පවත්වාගෙන යා යුතුයි. 

නව අදහස දක්වන්න