ජීව වෛද්‍ය විද්‍යා උපාධිය ලැබීමට... | දිනමිණ

ජීව වෛද්‍ය විද්‍යා උපාධිය ලැබීමට...

ඔබ උසස් පෙළ අවසාන කර The International Institute of Health Sciences (IIHS) පිරිනමන ජීව වෛද්‍ය විද්‍යා උසස් ඩිප්ලෝමාව පිළිබඳව උනන්දුවෙන් ඉන්න අයෙක්ද? ජීව වෛද්‍ය විද්‍යා වැඩසටහන් සකසා ඇත්තේ ජීව වෛද්‍ය විද්‍යාව සහ එහි ප්‍රායෝගික භාවිතය පිළිබඳ උනන්දු සිසු සිසුවියන් වෙනුවෙන් සෞඛ්‍ය රැකවරණ සේවා සහ පර්යේෂණ යන අංශ ආවරණය කරමින් පර්යේෂණාගාර ක්‍රමවේද, දත්ත විශ්ලේෂණය, අන්තර්පුද්ගල සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් යන කුසලතා වර්ධනය වෙන ලෙසයි.

ජීව වෛද්‍ය විද්‍යාඥයෝ නවෝත්පාදන සහ විශිෂ්ට පර්යේෂණ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් දරති. ලොව ප්‍රකට ජීව වෛද්‍ය විද්‍යාඥයකු වන මහාචාර්ය ඇලන් මැකේ මහතා සෞඛ්‍ය සේවයට කළ සේවය වෙනුවෙන් වසරේ ඕස්ට්‍රේලියානුවා සම්මානයෙන් පිදුම් ලැබීය. ජීව වෛද්‍ය විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව IIHS (www.iihsciences.edu.lk) වෙතින් වසර දෙකක් තුළ සම්පූර්ණ කර තවත් වසර දෙකක් අධ්‍යාපනය ලැබීමෙන් පසුව ජීව වෛද්‍ය විද්‍යාවේ දී උපාධිය ලැබිය හැකිය.

මෙමඟින් සිසුන්ට ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන්න අවස්ථාව සැළසෙනවාට අමතරව රුපියල් ලක්ෂ 60ක පමණ මුදලක් ඉතිරි වෙයි. උපාධි ප්‍රදානෝත්සවයෙන් පසුව සිසුන්ට වසර දෙකක් ඕස්ට්‍රෙලියාවේ රැකියාවක නියැළීමට අවසර ලැබේ. ජීව වෛද්‍ය විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සිසුන්ට ශ්‍රී ලංකාවේ රැඳෙමින් පෞද්ගලික රෝහල් අංශයේ හෝ ආහාර පාන කර්මාන්තයේ රැකියාවක් කළ හැකිය. එසේම ජීව වෛද්‍ය විද්‍යා උපාධිය ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය උපාධියක් හිමි කර ගැනීමටද මඟ පාදයි. වැඩි විස්තර සඳහා 0768231827 /0114651144 අමතන්න. 

නව අදහස දක්වන්න