මෙහෙමත් හදිස්සියක් | දිනමිණ

මෙහෙමත් හදිස්සියක්

අධික වේගය හා හදිසිය මරු කැඳවන බව කොතෙක් කීවද යතුරුපැදිකරුවන් එය තුට්ටුවකටවත් මායිම් නොකරන අතර පියාඹායාමට උත්සාහ කිරීමෙන් අහිංසක මිනිසුන් මරා දමන අවස්ථා බොහෝය. ඔබ මේ දකින්නේ පසුගිය 13 වැනිදා ප.ව. 6.00 ට පමණ ඇල්පිටිය කරන්දෙණිය දංගහවිල අතුරු මාර්‍ගයක සිට පැමිණි යතුරුපැදියක් අධිවේගී පිවිසුම් මාර්‍ගය හරහා දැමීමට තැත්කළ අවස්ථාවේ ඇල්පිටිය සිට අම්බලන්ගොඩට දෙසට යාමට පැමිණි යතුරුපැදියක ගැටී පොඩිපට්ටම් වී තිබූ ආකාරයයි. හෙල්මටය ද කෑලි කෑලිවලට කැඩී තැන තැන විසිරී ගොස් තිබුණි.

පාර හරහා දැමීමට තැත් කළ බයිසිකකල්කරු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ බැවින් රැස්වූ පිරිස ඔහු වහාම බලපිටිය රෝහල කරා යැවීමට කටයුතු කළ අතර සුළු තුවාල ලබා සිටි අනෙක් යතුරුපැදිකරු රෝහල කරා පිටත්ව ගියේය.

සටහන හා ඡායාරූපය
ධර්‍මදාස සිරිවර්‍ධන
ගාල්ල දිස්ත්‍රික් සංචාරක. 

නව අදහස දක්වන්න