පිටකොටුව ස්ථානාධිපතිට ස්ථාන මාරුවක් | දිනමිණ

පිටකොටුව ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

පිටකොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ.

ඒ පොලිස් සිරමැදිරිය තුළදී සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්. 

පොලිස්පතිවරයාගේ උපදෙස් මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි ඔහු මඩකළපුව පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස ස්ථානමාරු කර ඇත.

ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාව මත පසුගිය බදාදා 17 හැවිරිදි තරුණයෙකු පිටකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව ඔහු පිටකොටුව පොලිස් සිරමැදිරියේ රඳවා තබා ඇති අතර බ්‍රහස්පතින්දා අළුයම අදාළ සැකකරු ඔහුගේ ඇඳුම් උපයෝගී කර ගනිමින් ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගත්තේය.

මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ කිරිමානගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන අතර මොහුගේ මියයාම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ද සිදු කළේය.

අදාළ විමර්ශනවලට අනුව පිටකොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මෙලෙස ස්ථාන මාරුකර ඇති බව ජාතික පොලිස් කොමිසම සඳහන් කළේය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...