හාවායි හෙල්ලූ බැලස්ටික් මසයිල බිය | දිනමිණ

හාවායි හෙල්ලූ බැලස්ටික් මසයිල බිය

බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වන බවට වැරදි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් ජනතාව භීතියට පත්වීමේ පුවතක් අමෙරිකාවේ හවායි දූපත් වලින් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වන බවට, ඊයේ රාත්‍රී 11.37 ට පමණ හවායි වැසියන්ගේ ජංගම දුරකතනවලට කෙටි පණිවුඩයක් ලැබී ඇති බව ය.

එරට හදීසි අනතුරු ඇඟවීමේ ඒකකය මගින් එම කෙටි පණිවුඩය නිකුත් කර තිබුණි.

ඒ සමඟම භීතියට පත්වූ හවායි වැසියන් ආරක්ෂිත ස්ථාන සොයා වීදි පුරා දිවගොස් ඇති අතර ඇතමුන් නිවෙස් සහ ගොඩනැගිලි තුළ සැඟ වී තිබේ.

අදාළ කෙටි පණිවුඩයත් සමඟම, අනතුරු ඇඟවීමේ නාද සංඥා නිකුත් වීම හේතුවෙන් ජනතාව තවත් භීතියට පත්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉන් විනාඩි 18 කට පසුව බැලැස්ටික් මිසයිල පිළිබඳ කිසිඳු අනතුරු ඇඟවීමක් නොමැති බව සඳහන් කෙටි පණිවුඩයක් යළි නිකුත් කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයදිමින් හවායි ආණ්ඩුකාර ඩේවිඩ් අයෙග් සඳහන් කර තිබුණේ සේවකයෙකු අතින් වැරදි බොත්තමක් ක්‍රියාත්මක වීමෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් වී ඇති බව ය.

හවායි දූපත්, උතුරු කොරියාව සමීපයේ පිහිටීම හේතුවෙන් මිසයිල ප්‍රහාර පිළිබඳ නව අනතුරු ඇඟවීමේ පද්ධතියක් සකස් කෙරුණේ මීට මාස කිහිපයකට ඉහතදී ය.

කෙසේ වෙතත්, ජනතාව භීතියට පත් කළ මෙම සිදුවීම සම්බන්ධයෙන් අමෙරිකාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

නව අදහස දක්වන්න