කරන්දෙණියෙන් හමුවූ ගිනි අවි ගැන විමර්ශණ | දිනමිණ

කරන්දෙණියෙන් හමුවූ ගිනි අවි ගැන විමර්ශණ

කරන්දෙණියේ මඩකුඹුර ප්‍රදේශයේ නිවසක තිබී විදේශීය හා මෙරට නිෂ්පාදිත තුවක්කු හතරක් සහ අත්බෝම්බයක් ද ඇතුළු අවි ආයුධ තොගයක් සොයා  ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර සදහන් කලේ, විවිධ ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් ඉංග්‍රීසි හා දෙමළ භාෂාවෙන් ලියැවුණු කොටි සංවිධානයේ ලාංඡනය සහිත පොතක් ද අත්අඩංගුවට ගත් බවයි.
 
 ජීව උණ්ඩ 148ක් , ටී 56 වර්ගයේ මැගසින් එකක් සහ ජංගම දුරකථන හතරක්  ද ඒ අතර තිබී ඇත.

මෙම අවි ආයුධ සමඟ 37 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

නව අදහස දක්වන්න