රාත්‍රී විරෝධයකට කෑගල්ලේදී කදුළු ගෑස් | දිනමිණ

රාත්‍රී විරෝධයකට කෑගල්ලේදී කදුළු ගෑස්

බස් රථ අනතුරකින් කුඩා දැරියක් මියයාමේ සිද්ධියට විරෝධය පල කරමින් කෑගල්ල ප්‍රදේශයේ පැවති  විරෝධතාව විසුරුවා හැරීමට පොලීසියෙන් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කල බව පොලිසිය පවසයි.

කෑගල්ල – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය තොරණගහපිටිය ප්‍රදේශයෙන් අවහිර කරමින් ඊයේ මධ්‍යම රාත්‍රිය ආසන්න වනතුරුම විරෝධතාව පැවති අතර කෑගල්ල – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය සම්පුර්ණයෙන්ම අඩාල විය.

එය පාලනය කිරීම සඳහා පොලීසිය ඊයේ රාත්‍රී 11.30 පමණ කදුළු ගෑස් ප්‍රහාරයත් එල්ල කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඒ, පොදු දේපල විනාශ කිරීම සහ මහජනතාවට පීඩාවන අයුරින් විරෝධතාවයේ නිරතවීම හේතුවෙනි.

ඊයේ දහවල් කෑගල්ල – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ පින්දෙණිය ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මහමග ගමන්ගත් 07හැවිරිදි දැරියක් මියගිය අතර ඇගේ මිත්තනිය සහ තවත් ගැහැණු දරුවෙකු තුවාල ලැබිණි.

බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

නව අදහස දක්වන්න