කම්බ හොරුන්ගේ බොරු චෝදනාවලින් එජාප ජය වළක්වන්න බෑ | දිනමිණ

කම්බ හොරුන්ගේ බොරු චෝදනාවලින් එජාප ජය වළක්වන්න බෑ

ජයසිරි පේදුරුආරච්චි

දේශපාලන වාසි තකා කම්බා හොරුන් කරනා බොරු චෝදනා වලට එක්සත් ජාතික පක්ෂ නායකයාගේ මිස්ටර් ක්ලීන් නාමය මැකිය නොහැකි බවත් බැදුම්කරය හරහා ගොඩනැගෙන්නේ දේශපාලන උප්පරවැට්ටි බවත් දකුණු පළාත් සභා මන්ත්‍රී හා එක්සත් ජාතික පක්ෂ දෙවිනුවර ආසන සංවිධායක චතුර ගලප්පත්ති මහතා පැවැසීය.

පළාත් පාලන මැත්වරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මැතිවරණ කාර්යාල විවෘත කිරීමේ අවස්ථාවන් කීපයකට එක්වෙමින් පසුගියදා ගන්දරදී එලෙස පැවරසූ ගලප්පත්ති මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද කීවේය.

කම්බ හොරුන් කුහකකමින් කොතරම් බොරු චෝදන නැගුවත් එක්සත් ජාතික පක්ෂයේ ජය වලක්වන්න බෑ. මෙවර පළාත් පාලන මැතිවරණයේදී විශිෂ්ටතම ජයග්‍රහණය ලබන්නේ එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂය හැමදාමත් ගමට වැඩ කරපු පක්ෂයයි. මේ රටට වැඩිම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ නායකයන් සිටියේ එක්සත් ජාතික පක්ෂය තුළ.

පසුගිය පළාත් පාලන මැත්වරණයන්ගෙන් තේරුණ අය ගමට කළේ මොකක්ද? ඔවුන් වැඩිපුරම කරගත්තේ තමන්ට. බයිසිකලයක්වත් නොතිබූ අය අද යන්නේ ඩබල් කැබ් එකෙන්. ටිපර් රථ ඉඩකඩම් අයිතිකාරයෝ වෙලා. ඔන්න පසුගිය කාලයේ ගම පාලනය කරන්න ආපු අය කරපු දේවල්. මේවා ගැන හිතන්න. අපි මෙවර ජය ලබා යළිත් ගමේ සංවර්ධනය පටන්ගන්නවා.

පසුගිය ආණ්ඩු සමයේ ගන්දර පාර ගැන මොනතරම් බොරු කියා ජනතාව රැවටුවාද? අපි එහෙම බොරු කියා ජනතාව රවටන්නේ නෑ. කරන්න පුළුවන් දේ කියා එය කර පෙන්වනවා. ස්ථිර ලෙසම යහපාලන රජය යටතේ ගන්දර වරාය හදනවාමයි. ආයේ කාටවත් බොරු කියා අපේ ධීවරයා රවටන්න ඉඩදෙන්නේ නෑ.

අපේක්ෂක ඒ. ටී. මංජුල මහතා - එක්සත් ජාතික පක්ෂ දේශපාලනය අපේ ගමේ හොදින්ම කළ මගේ පියා සංඝදාස මුදලාලි මරාදැම්මේත් මේ දේශපාලනය වෙනුවෙන් කැපවෙලා සිටියදීයි. එදා මට දේශපාලනය එපා වුනා. ඒත් තක්කඩියන් ඇවිත් අපේ ගම් ඉදිරියට දමා තමන් හැදෙනකොට, ගම කනකොට තාත්තාගේ අඩිපාරේ යමින් යළිත්ගමට නායකත්වය දෙන්න තීරණය කළා.

අපි කවදාවත් ජනතාවගේ දේ, ජනතාවට ලැබුණු දේ කඩාවඩා ගත් අය නොවෙයි. ජනතාවට යමක් දුන් අයයි. ඉදිරියේදීත් එම තත්වය වඩාත් යහපත් ආකාරයෙන් ගම තුඝ ස්ථාපිත කරන්නයි අදහස.

මේ අවස්ථාව සදහා අපේක්ෂකයන් වන අචිර කල්හාර, මේජර් අබේගුණවර්ධන මහත්වරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න