ගම්පහ පෙර පාසල් ගුරුවරියන්ට අත්දැකීම් හුවමාරු වැඩසටහනක් | දිනමිණ

ගම්පහ පෙර පාසල් ගුරුවරියන්ට අත්දැකීම් හුවමාරු වැඩසටහනක්

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාදී ඇති බහු ආංශික ක්‍රියාකාරී පෝෂණ වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පෙරපාසල් ගුරුවරුන් සඳහා අත්දැකීම් හුවමාරු කිරීමේ හා දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ගම්පහ දිසා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

ගම්පහ අතිරේක දිසා ලේකම් ජී. ඩී. අනුර පියබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ වැඩමුළුවේදී පෙරපාසල් ළමා පෝෂණය, මුඛ හා දන්ත සෞඛ්‍ය, හොඳ සෞඛ්‍ය පුරුදු, පෙරපාසල් දරුවන් මන්දපෝෂණයෙන් වළක්වා පෝෂණ ආහාර වේලක් පිළියෙළ කරදීම, ළමා මනසට ගැලපෙන ආකාරයේ පරිසරයක් නිර්මාණය කිරීම හා පෞරුෂත්වය ගොඩනැගීම යන අංශ කෙරෙහි පෙර පාසල් ගුරුවරුන්ව දැනුවත් කරන ලදී.

මෙහිදී බියගම, මහර, කැලණිය, දොම්පේ, අත්තනගල්ල, මීරිගම, දිවුලපිටිය යන කොට්ඨාසවලින් සහභාගි වී සිටි පෙරපාසල් ගුරුවරියන් 150ක් දෙනා අත්දැකීම් හුවමාරු කර ගනිමින් තමන් පෙරපාසල් දරුවන්ගේ පෝෂණය හා සෞඛ්‍ය රැකගැනීම පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග ද පැහැදිලි කරන ලදී.

ගම්පහ අතිරේක දිසා ලේකම් ජී. ඩී. අනුර පියබන්දු මහතා එවන් පෙරපාසල් අධ්‍යාපනයටත් වඩා පෝෂණය, පෞරුෂත්වය, හෙද සෞඛ්‍ය පුරුදු, මානසික තෘප්තිය, සාමූහිකකව ක්‍රියාකිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමුකළ යුතු බව මෙහිදී සඳහන් කළේය.

මෙහිදී ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනයේ සෞඛ්‍ය උපදේශක වෛද්‍ය නාලක පීරිස් මහතාද විශේෂ දේශනයක් පැවැත්විය.

මේ වැඩසටහන අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී. ඩී. අනුර පියබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරී දීපිකා රත්නප්‍රිය මහත්මිය සංවිධාන කරන ලදී.

උඩුගම්පොළ සමූහ

නව අදහස දක්වන්න