මීගහජදුර - තණමල්විල ගම්වැසියන්ට නව පාලමක් | දිනමිණ

මීගහජදුර - තණමල්විල ගම්වැසියන්ට නව පාලමක්

සූරියවැව ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මීගහජදුර මීට වසර 118 කට ප්‍රථම සුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයේ මල්ආර හරහා ඉදිකර තිබූ පාලම වසර කිහිපයක සිට දිරාපත් වීම හේතුවෙන් එහි ගමන් කළ ගම්මාන රැසක ජනතාව දැඩි පීඩාවට පත්ව තිබිණි.

ඉකුත් රජය සමයේ පාලම් දහසක් ඉදිකිරීම යෝජනා යටතේ මේ පාලම ඉදිකිරීම සදහා කටයුතු කර තිබුණි. එහෙත් ආණ්ඩු පෙරළිය සමග එය යටපත් වී තිබිණ. පසුගියදා පාලම ඉදිකර ජනතා අයිතියට පවරන ලදී. රුපියල් තුන්කෝටි හතළිස්තුන් ලක්ෂයක් වැය කර සාදා ඇති මේ නව පාලම නිසා මීගහ ජදුරේ සිට තණමල්විල බෝදාගම දක්වා ඇති ගම්මාන රැසක ජනතාවට සෙත සැලසී ඇත. 

උඩවලව විශේෂ සේන විදානගමගේ

නව අදහස දක්වන්න