අම්බලවානර් සිවානන්දන් ලන්ඩනයේ දී දිවි මඟ නිමා කරයි | දිනමිණ

අම්බලවානර් සිවානන්දන් ලන්ඩනයේ දී දිවි මඟ නිමා කරයි

ජාතිවාදයට එරෙහිව සටන් කළ චින්තකයකු, කෘතහස්ත ලේඛකයකු, දේශපාලන විචාරකයකු, ගුරුවරයකු සහ සමාජ සාධාරණය උදෙසා සටන් වැදුණු ශ්‍රී ලාංකික ක්‍රියාධරයකු වූ අම්බලවානර් සිවානන්දන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර දී සිය දිවියෙන් සමුගත්තේය. ශ්‍රී ලංකාවේ උපත ලැබූ සිවානන්දන් 35 හැවිරිදි වියේ දී, 1958 වාර්ගික ගැටුම්වලින් හටගත් කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාව හැර ගොස් ඇත. එහි දී ඉන්ස්ටිටියුට් ඔෆ් රේස් රිලේෂන්ස් (IRR) හි පුස්තකාලයාධිපති ලෙස පත්වන සිවානන්දන් එම පුස්තකාලය ගොඩනැ‍ඟීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත. ඔහු එම ආයතනයේ අධ්‍යක්ෂ ධුරයට සහ ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ ‘රේස්’ සඟරාවේ සංස්කාරක පදවියට ද පත් වී ඇත.

ඒ සමයේ දී ඔහු බ්‍රිතාන්‍ය සමාජයේ ආයතනගතව පවතින ජාතිවාදයට එරෙහිව හඬ නඟන ප්‍රධාන පෙළේ ක්‍රියාධරයකු බවට පත්විය. ඔහුගේ අරගලය එක් ජාතියක් හෝ ජනවර්ගයක් පමණක් උදෙසා කෙරුණු අරගලයක් නොවූ බව ප්‍රකට කරුණකි.

1978 දී සිවානන්දන් විසින් නිර්මාණය කරන ලද ‘බ්ලැක්ස් බ්‍රිටේනියා’ (Black's Britannia) විශේෂාංග චිත්‍රපටයට ද දායක වී ඇති අතර, ‘වෙන් මෙමරි ඩයිස්’ (When Memory Dies) ලේඛකයකුගේ කුළුඳුල් නවකතාවට හිමිවෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ලේඛකයන්ගේ සම්මානයෙන් ද පිදුම් ලැබීය. 2000 වසරේ දී ඔහු විසින් ‍‘වෙයාර් ද ඩාන්ස් ඉස්’ (Where the Dance is) නමින් කෙටිකතා එකතුවක් ද ප්‍රකාශයට පත් කළේය. 

 

අදහස් 1ක් ඇත

OHU miya noyayi!

නව අදහස දක්වන්න