ඇඟිලි සලකුණු ක්‍රමය ගැන ජ,පුර රෝහලේ සාකච්ඡාවක් | දිනමිණ

ඇඟිලි සලකුණු ක්‍රමය ගැන ජ,පුර රෝහලේ සාකච්ඡාවක්

ඇඟිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට එරෙහිව වර්ජනයේ නිරත වෘත්තීය සමිති සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පාලනාධිකාරිය අතර, මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

සුව ඊට සහය පළ කිරීම සඳහා ඊයේ දිනයේදී ජාතික රෝහලේ සහ අක්ෂි රෝහලේ හෙද නිලධාරින් ද සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර එය අද උදෑසන 07 ට අවසන් විය.

කෙසේ වෙතත්, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ, මේ වනවිට ආරම්භ වී ඇති සාකච්ඡාවෙන් නිසි විසඳුමක් නොලැබුණහොත් අඛන්ඩව වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ පසුගිය 03 වනදායි. 

නව අදහස දක්වන්න