දියගොඩ දෙකෙහි ම කළ මහ පරිමාණ දැව ජාවාරමක් අල්ලයි | දිනමිණ

දියගොඩ දෙකෙහි ම කළ මහ පරිමාණ දැව ජාවාරමක් අල්ලයි

කාලයක සිට මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිතය ඇතුළත සිදුකරගෙන ගිය මහා පරිමාණ දැව ජාවාරමක් වටලා සැකකරුවන් තිදෙනකු සහ විශාල දැව තොගයක් අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමකට හැකි විය. දඹුල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියකුට ලැබුණු දුරකථන ඇමතුමක් ඔස්සේ මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා විශේෂ පොලිස් කණ්ඩායමක් දඹුල්ල පොලිසියෙන් ගිරිතලේ මින්නේරිය ස්වභාවික රක්ෂිත බකමූණ රිදී ඇල්ල ප්‍රදේශයට පිටත් කරනු ලැබීය. දුෂ්කර මාර්ගය ගෙවා මහ ගණ වනන්තරේ ඇළ මාර්ග ඔස්සේ ගමන් කළ නිලධාරීන්ට මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ මහ පරිමාණ දැව ජාවාරම්කරුවන් මී, කුඹුක්, කළුවර, පලු, හල්මිල්ල, මිල්ල, ආදි වටිනා ගස් රැසක් මේ වන විටත් කපා රැගෙන ගොස් ඇති අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි.

එමෙන්ම රක්ෂිත තිබූ වසර දෙසීය තුන්සීය පැරණි මී ගස් රැසක් කපා දැව ඉරා ඇති ආකාරය ද දැක ගැනීමට හැකි වූ අතර දැව ඉරමින් සිටි පුද්ගලයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

මහ ගණවනන්තරේ වන අලින් ගහනය වූ ප්‍රදේශයක මෙම මහා ජාවාරම සිදු කරගෙන ගොස් තිබේ. පොලිස් නිලධාරීන් ඉතා යුහුසුළුව පරීක්ෂ මෙන් මේ දැව ජාවාරම වැටලීමට වගබලා ගැනීම විශේෂත්වයකි.

අත්අඩංගුවට ගත් පුද්ගලයෝ කමූණ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මීට පෙරද අවස්ථා ගණනාවකදීම මෙම ජාවාරම්කරුවන් ගිරිතලේ මින්නේරිය අභය භූමියේ දැව ජාවාරමේ නිරත වූ බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්දන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම මෙහෙයුම සඳහා එක්ව සිටියහ.

සීගිරිය විශේෂ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...