බැසිල් අපට වැඩ කරන්න දෙන්නේ නෑ | දිනමිණ

බැසිල් අපට වැඩ කරන්න දෙන්නේ නෑ

සබරගමුව සමූහ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළේ වැඩ කරන්න බැසිල් රාජපක්ෂ ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධායක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතා ඊ‍යේ (10) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසීය. කෑගල්ල නගරයේදී පැවති ‍එම මාධ්‍ය සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වූ අනුරුද්ධ පොල්ගම්පළ මහතා මෙසේ ද පැවසීය.

ගතවූ වසර දෙකක් තුළ මේ රටේ පැවති විශාලම මැයි රැලිය පැවැත්වීමට අපට හැකි වුණා.

පොදුජන පෙරමුණේ අපට එහෙම හැකියාවක් ලැබුණේ දිස්ත්‍රික්කයක් පුරා මැතිවරණ කොට්ඨාසයක් පුරා සංවිධායකවරුන් පත්කරලා, ඔවුන්ට වගකීමක් පවරා දීලා ඔවුන් විසින් විශාල කැපවීමක් සිදුකළ නිසායි.

අපි කීවා මැයි දිනයෙන් පස්සේ මධ්‍ය සංවිධානයක් සෑම මැතිවරණ කොට්ඨාස මට්ටමින් වගකීමක් ලබාදෙන්න කියල. අපි මේ ගැන කතා කරන හැම වෙලාවෙම බැසිල් රාජපක්ෂ මහතා මඟහරිමින් සිටිනවා. කිසිම කමිටුවක් තාම හදල නෑ. මහින්ද රාජපක්ෂ මහතා මේ පක්ෂයේ සාමාජිකත්වය අරගෙනත් නෑ.

අද වන විට මේ පක්ෂයේ කිසිම අපේක්ෂයකුට සංවිධාන ශක්තියක් ලබා දීලත් නෑ. අපි යෝජනා කළා ජාතික මැතිවරණ කමිටුවක් හදන්න. එක් අපේක්ෂක කොට්ඨාසයකට 20 කගෙන් යුත් කමිටුවක් හදන්න. මැතිවරණ අපේක්ෂකත්වයට හැටඑක්දාහක අයදුම්පත් ලැබුණා. ඒ හැමදෙනාම නැවුම් බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. අපි යෝජනා කළා හිටපු මන්ත්‍රීවරුන්ට හා දිස්ත්‍රික් සංවිධායකවරුන්ට අපේක්ෂකයින්ගෙන් 10% ක් පත්කර ගන්න ඉතිරිය වැඩිම ලකුණු ලබාගත් අයට අවස්ථාවක් දෙන්න කියලා. නමුත් ඒ එකක්වත් ක්‍රියාත්මක වුණේ නෑ. 

නව අදහස දක්වන්න