සැල්වදෝර් ජාතිකයින්ට ට්‍රම්ප්ගෙන් නියෝගයක් | දිනමිණ

සැල්වදෝර් ජාතිකයින්ට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

අමෙරිකවේ වෙසෙන ලක්ෂ දෙකක් පමණ වන එල් සැල්වදෝර් ජාතිකයින්ට එරටින් පිටත්වන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ. ඔහු සදහන් කර ඇත්තේ, 2019 වන විට ඔවුන් සියලුදෙනා පිටව යා යුතු බවය.

2019 වන විට අමෙරිකාවෙන් පිටනොවන සියලුදෙනා පිටුවහල් කරන බව ජනාධිපති ට්‍රම්ප් සදහන් කළේය නැතහොත්, ඔවුන් නීතිමය පදනමක් මත අමෙරිකාවේ රැඳී සිටිය යුතුය.

එල් සැල්වදෝර් ජනතාව 2001 වසරේ සිට අමෙරිකාවේ රැඳි සිටි. ඒ, එල් සැල්වදෝරයට බලපෑ බරපතල භූකම්පාවකින් අනතුරුව ලබාදුන් තාවකාලික ආරක්ෂණ තත්වයක් යටතේය.

 

හයිටි සහ නිකරගුආ ජනතාවට ලබා දී තිබූ තාවකාලික ආරක්ෂණ තත්වය ද, ජනාධිපති ට්‍රම්ප් විසින් මීට පෙර ඉවත් කරනු ලැබීය.

නව අදහස දක්වන්න