ඩීන් බ්‍රදර්ස් ඉම්පෝර්ට්ස් සමාගමට FCCISL රන් හා ලෝකඩ සම්මාන | දිනමිණ

ඩීන් බ්‍රදර්ස් ඉම්පෝර්ට්ස් සමාගමට FCCISL රන් හා ලෝකඩ සම්මාන

ශ්‍රී ලාංකික කර්මාන්ත ක්‍ෂේත්‍රය වෙනුවෙන් සෑම විටම හොඳම යන්ත්‍රෝපකරණ සහ විදුලි මෙවලම් සාධාරණ මිලට ලබා දෙමින් ගනුදෙනුකාර භවතුන්ට ඉහළ සේවයක් සපයන ඩීන් බ්‍රදර්ස් ඉම්පෝර්ට්ස් පෞද්ගලික සමාගම පසුගිය දා ශ්‍රී ලංකා කර්මාන්ත සහ වාණිජ මණ්ඩල සම්මේලනය FCCISL සංවිධානය කළ වසරේ ව්‍යවසායකයා සම්මාන ප්‍රදානෝත්සවයේ දී මහා පරිමාණ අංශයෙන් දකුණු පළාත් රන් සම්මානයෙන් සහ ජාතික මට්ටමේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය.

ඩීන් බ්‍රදර්ස් ඉම්පෝර්ට්ස් සමාගම මේ වන විට ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල විහිදුණු දැවැන්ත බෙදා හැරීමේ ජාලයක් සහිත ප්‍රමුඛ පෙළේ සමාගමක් බවට පත්වී ඇත. Oregon, Dongcheng, Briggs & Stratton,

Toptul, Golden Bridge, Norton යන ලෝක ප්‍රකට වෙළෙඳ නාම යටතේ නිෂ්පාදන රැසක් ආනයනය කර බෙදා හරින ඩීන් බ්‍රදර්ස් ඉම්පෝර්ට්ස් සමාගම කෘෂිකාර්මික, වඩු කාර්මික, ඉදිකිරීම් යන ක්‍ෂේත්‍රවලට අදාළ යන්ත්‍රෝපකරණ, බල මෙවලම්, විදුලිජනක යන්ත්‍ර, අමතර කොටස් සහ උපාංග මෙන්ම ගෘහ විදුලි උපකරණ ආනයනය කර DBL වෙළෙඳ නාමය යටතේ බෙදා හරියි. ‘අප සැමදා හරි දේ, හොඳ දේ වගකීමක් සහිතව පාරිභෝගික ජනතාව වෙත සපයන බැවින් ඔවුන්ගේ ආශිර්වාදය අපට මෙවැනි සම්මාන ලැබීමට රුකුලක් වන බව පැවැසිය යුතුයි.

වසරින් වසර අපේ සමාගම ජයග්‍රහණ ලබමින් ඉදිරියට ගෙනියන්න ශක්තිය දෙන අපේ සේවක මණ්ඩලයේ සියලු දෙනාට, වෙළෙඳ නියෝජිතයන් සැමට සහ අපගේ ආදරණීය පාරිභෝගික සැමට මේ සම්මානවල ගෞරවය පිරිනමන්න කැමතියි. ඉදිරියටත් සාර්ථක ව්‍යාපාර කටයුතු ඔස්සේ දේශයේ දියුණුවට දායකත්වය දක්වන්න අප සූදානම්. එමෙන්ම මේ වසර තුළ අන්තර්ජාතික මෙන්ම ජාතික මට්ටමේ සම්මාන රැසකට පාත්‍රවීම සතුටට කරුණක්.’ ඩීන් බ්‍රදර්ස් ඉම්පෝර්ට්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ දේශමාන්‍ය ආචාර්ය නජීබ් ඩීන් මහතා පැවැසීය.

නව අදහස දක්වන්න