ත්‍රීරෝද රථ ලියාපදිංචිය 50%කින් පහළට | දිනමිණ

ත්‍රීරෝද රථ ලියාපදිංචිය 50%කින් පහළට

ත්‍රීරෝද රථ ලියාපදිංචි සැළකිය යුතු ආකාරයෙන් පහත වැටී තිබෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

එම සභාව අවධාරණය කලේ මෑතකදී ක්‍රියාත්මක කළ තීරණ කිහිපයක් නිසා මෙලෙස ලියාපදිංචිය පහත වැටී අත බවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන අනුව 2016 වර්ෂයේදී ත්‍රීරෝද රථ 56,945 ක් ලියාපදිංචි කර තිබුණත් 2017 වර්ෂයේ ලියාපදිංචි කර ඇති ත්‍රිරෝද රථ සංඛ්‍යාව 22,172 කි.

2012 වර්ෂයේ 98,815 ක් 2013 වර්ෂයේ 83,673 ක් 2014 වර්ෂයේ 79,038 ක් සහ 2015 වර්ෂයේ එක් ලක්ෂ විසිනව දහස් පන්සිය හතලිස් හතක් ක් ලෙස ත්‍රීරෝද රථ ලියාපදිංචි කර තිබු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම තත්ත්වය බෙහෙවින් වෙනස් වී 2016 වර්ෂයට සාපේක්ෂව 2017 වසරේ ත්‍රිරෝද රථ ලියාපදිංචිය සියයට 50 ඉක්මවූ ප්‍රමාණයකින් අඩුවී තිබෙනු දැකිය හැකි ය.

නව අදහස දක්වන්න