SLIM NASCO 2017 සම්මාන උළෙලේ දී ACL කේබල්ස් විශි­ෂ්ට­ත්වය කැපී පෙනෙයි | දිනමිණ

SLIM NASCO 2017 සම්මාන උළෙලේ දී ACL කේබල්ස් විශි­ෂ්ට­ත්වය කැපී පෙනෙයි

ACL කේබල්ස් පීඑල්සී සිය විශිෂ්ට වෙළෙඳ හැකියාවන් වෙනුවෙන් සුවිශේෂී ඇගයීමක් පසුගිය දා හිමිකර ගත්තේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පවත්වනු ලැබූ ජාතික වෙළෙඳ සමුළුව National Sales Congress (NASCO) හිදී රන් සම්මානයක් හිමිකර ගනිමින් ACL කේබල්ස් මේ ජයග්‍රහණයට හිමිකම් කියන ලදී. කර්මාන්ත නිපැයුම් සහ සේවා අංශය වෙනුවෙන් මේ රන් සම්මානය හිමිකර ගත්තේ ACL කේබල්ස් වෙළෙඳ විධායක සංජීව ජයලත් විසිනි. කේබල් නිෂ්පාදන ක්ෂේත්‍රය නියෝජනය කරමින් රන් සම්මානයෙන් පිදුම් ලැබූ එකම සම්මාන අපේක්ෂකයා වූයේ ද ඔහුයි. සම්පූර්ණ කර්මාන්ත අංශයෙන්ම 2016/2017 මුල්‍ය වර්ෂය තුළ දැක් වූ විශිෂ්ට වෙළෙඳ හැකියාවන් වෙනුවෙන් මේ ඇගයීම හිමිවීම ඉතාමත් වැදගත් සිදුවීමකි. වාර්ෂිකව පවත්වනු ලබන NASCO සම්මාන උළෙලේදී ACL කේබල්ස් පිළිවෙළින් ඇගයීමට ලක් වූ දෙවැනි වර්ෂය මෙය වීමද ඔවුන්ගේ සුවිශේෂී වෘත්තීමය වෙළෙඳ හැකියාවන්හි සාර්ථකත්වය පෙන්වන උදාහරණයකි.

නව අදහස දක්වන්න