රත්තරං කියන්නේ විශ්වා­ස­යට කියන තවත් නමක් | දිනමිණ

රත්තරං කියන්නේ විශ්වා­ස­යට කියන තවත් නමක්

මල්ලිකා හේම­චන්ද්‍ර ජුවලර්ස් හි ප්‍රධාන පරි­පා­ලන නිල­ධාරී කෝකිල ද සිල්වා
මුතු මැණික් , ඇත්දළ පමණක් නොව රන් පිළිබඳවත් මෙරටට ඇත්තේ අද්විතීය ඉතිහාසයකි. ඊට හේතුව පිරිසිඳු හා උසස් ප්‍රමිතියේ රත්තරන් මෙන්ම රන් නිර්මාණයන් හී ඇති අනගි සියුම් නිර්මාණයන් හේතුවෙනි.පෙර රජ දවස සිට රන්කරුවන්ට හිමිවූයේ සුවිශේෂී පිළීගැනීමකි.වෘත්තිකයකු ලෙසින් මෙන්ම නිර්මාණ කරුවෙකු ලෙසද ඔවුනගේ නිපුණතා ඇගයීමට පත්විය.මේ නිසාම රන් කර්මාන්තය පරපුරින් පරපුට පැමිනෙන උරුමයක් බවට පත්විය. මෙබඳු පාරම්පරික වෘත්තීන් බොහොමයක් යටත් විජිත යුගයේදී අභාවයට ගියද රන්ශිල්පය එම යුගයේදී කර්මාන්තයක් බවට පත්වූයේ වැවිලි කර්මාන්ත කරුවනට අවශ්‍යවූ රන් නිමැවූමි සැපයීමේ අවශ්‍යතාව පිරිමැසීම සඳහාය. එතරම් දිගු ඉතිහාසයකට හිමිකම් කියන රනින් ඉදිවූ නාමයන් අතර මල්ලිකා හේමචන්ද්‍ර ආයතනයට හිමිවන්නේ මූලික ස්ථාකයකි .මල්ලිකා හේමචන්ද්‍ර මේ පසුකරන්නේ එහි අභිමානවත්50ස් වැනි වසරයි. ප්‍රධාන පරිපාලන නිලධාරී කෝකිල ද සිල්වා සමඟ රන්වෙළෙඳපොළ හා එහි අනාගත අභියෝග පිළිබඳව කරන ලද සාකච්ඡාවකි මෙය.

 

Q රත්තරන් කර්මාන්තයේ පැවැත්ම පාරිභෝගිකයා යයි මා යෝජනා කලොත්!

රත්තරන් නොවේ වෙළෙඳාම මුල්කරගත් ඕනෑම කර්මාන්තයක පැවැත්ම තීරණය වන්නේ පාරිභෝගිකයා මතයි.නමුත් මේ භාන්ඩවල ස්වභාවයන් දෙකක් දැකිය හැකියි. එකක් එදිනෙදා ජීවතයේදී අත්‍යාවශ්‍ය භාන්ඩ ආහාර ද්‍රව්‍ය , බෙහෙත් වැනි දේවල් මේ දේවල් අලෙවි කිරීමේදී වැදගත් වන්නේ සෞක්‍ය ආරක්ෂිත බවයි.එවැනි දේවල් අලෙවි කිරීමේ දී බලපාන සිද්ධාන්තයන්ට වඩා රන්භාන්ඩ අලෙවි කරණ සිද්ධාන්තයන් බෙහෙවින් වෙනස්, රන්භාන්ඩයක් කෙනෙකු මිළදී ගනුයේ ජීවිතේටම අවස්ථා කීපයකදී පමණයි.දරුවෙකු උපන්විට කරාඹු,පංචායුධ , වැඩිවිය පත්වීමේදී මාල කරාඹු , ඊලඟට විවාහ අවස්ථාවලදී , මේනිසාම බොහෝවිට එක් පාරිභෝගිකයෙකු අපවෙත පැමිණෙන්නේ ජීවිත කාලයටම අවස්ථා කීපයකදී විය හැකියි. නමුත් ඒ ඔවුනගේ ජීවිතයේ ඉතාමත් වැදගත් අවස්ථාවන් ,ඒ නිසාම ඒ අවස්ථාවන් රනින් බැබළවිය හැකි අන්දමේ නිර්මාණයන් ඔවුන් වෙත ලබාදීමට අපි කැපවීමෙන් යුතුව කටයුතු කරනවා‍.

 

Q මේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට උසස් ප්‍රමිතිය , නිමාව වගේම තවත් වැදගත් ‍දේ තිබෙනවාද?

අප ආයතනයේ තේමාව වන්නේ ඉහළ ප්‍රමිතිය පාරිභෝගිකයාගේ අවශ්‍යතාවට සරිලන නිමාවයි.මෙහිදී අප විශේෂයෙන්ම නිවැරදි කැරටි ප්‍රමාණය පිළිබඳව විශේෂයෙන් සැලකිළිමත් වෙනවා.එසේම පාරම්පරික මෝස්තර මෙන්ම නවීන විදෙස් මෝස්තර නවීන විලාසිතා, ආදිය පිළීබඳව විශේෂයෙන් සැලකිළිමත් වෙනවා.රත්තරන් කියන්නේ ඇතැමිවිට මිනිස්සු මුදල් වෙනුව සමීපයේ තබා ගන්නා දෙයක්, මුදලේ වටිනාකම ක්‍රමයෙන් අඩුවුණත් රන්භාන්ඩ වල වටිනාකම බොහෝවිට වැඩිවීමයි සිදුවෙන්නේ , රත්භාන්ඩ නිසා කෙනෙකුගේ තරාතිරම,පෞර්ෂය,චාම්බව,මේ සියල්ල තීරණය වෙනවා. මේ නිසාම ඇතැම් අය ඉතුරුමි ක්‍රමයක් , ආයෝජන ක්‍රමයක් , ලෙසත් රන්භාන්ඩ මිලදී ගන්නවා, මේ නිසාත් ඒ ම්ළදී ගන්නා භාන්ඩවල ප්‍රමිතිය හා විශ්වාසනීය බව වැදගත් වෙනවා. ආයතනයක් ලෙස අපි ප්‍රමිතිය පිළීබඳව සැලකිළීමත් වෙන්නේ මෙවැනි කරුණු රාශියන් හේතුවෙන්, අපි ලඟට එන පාරිබෝගිකයින් බොහෝ දෙනෙක්, පාරම්පරිකවම අප සොයා පැමිණෙන අය, පරම්පරා තුනක් පමණ අප හා ගනුදෙනු කරන පාරිභොගිකයින් පිරිසක් සිටිනවා. ඒ නිසයි. වෙළෙඳ පොළේ රන් අලෙවිය අඩු අවස්ථාවල වුවත් අපගේ පැවැත්ම තහවුරුවී පවතින්නේය.

 

Q රන් භාන්ඩ අපනයනය පිළිබඳවත් ඔබ ආයතකය ප්‍රමුඛ යෙක් නේද?

අපගේ රන් භාන්ඩ වල ඇති උසස් සියුමි නිර්මාණ පිළිබඳව විදේශිකයන් තුළ විශේෂ කැමැත්තක් පවතිනයා. අපට ලැබෙන ඇනවුම් අතර යුරෝපයෙන් ලැබෙන ඇනවුමි ව්ශේෂයි. නමුත් ඇනවුමි ලැබෙන ප්‍රමාණයට, නිෂ්පාදනය වේගවත් කළ නොහැක්කේ ශිල්පීන්ගේ සීමා සහිත බව නිසායි. මෙරටට පැමිනෙන සංචාරකයින් රත්තරන් මිළදී ගැනීම සඳහා විශේෂ උනන්දුවක් පවතිනවා.මේ ඉල්ලුමට සරිලන ලෙස සැපයුම දියුණු කිරීමේදී කාර්මිකයින් හිඟකමට කර්මාන්තයක් ලෙස අපමුහුණ පාන අර්බුදයක්

 

Q ඔබ පවසන්නේ අලුත් පරපුර මේකර්මාන්තයට සමීපකරගත නොහැකි බවද?

මේ කර්මාන්තයේ පැවැත්ම සඳහා බලපාන සාධකයන් අතර පුහුණු ශිල්පීන් ප්‍රමුඛයි.මේ නිසාම අපි අපිත් සහඟ කටයුතු කරන ශිල්පීන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා, ඔවුන් සඳහා විශේෂ සුභසාදන ක්‍රම මෙන්ම දිරි ගැන්වීමේ ක්‍රම සකස්කර තිබෙනවා. මීට අමතරව මේ වෘත්තිය සඳහා නවකයින් ඇතුලත් කරගැනීම සඳහා විශේෂ පුහුණු වැඩසටහන් හඳුන්වාදී තිබෙනවා.පුහුණු කාලයේ දිරි දීමනා ලබා දෙනවා.පුහුණුව අවසානයේ කැමැත්තට අනුව අප හා සම්බන්ඳ විය හැකියි.රුකියා නැති බව පවසමින් කල් මරණවාට වඩා මෙවැනි වෘත්තියකට හුරුවිය හැකිනම් දක්ෂතාව මත ඉපැයීමේ අවස්ථාව හිමිවෙනවා.එවැනි හැකියාවක් ඇති අයෙක් කිසිදිනෙක විරුකියාවකට පත්වන්නේනෑ . ස්වාධීනය නියැලීමට ඇති හැකියාව නිසාම මේ වෘත්තීය හැකියාව වර්ධනය කර ගැනීමෙන් විශේෂ දක්ෂතාවක් ඇති වෘත්තීය කුසලතාවක් ඇති අයෙක් බවට පත්විය හැකියි. බඳවා ගැනීම් වසර පුරාම සිදුවනවා. සුදුසු කම් ලෙස අප සලකන්නේ සාමාන්‍ය පෙළට ඉදිරිපත්වී තිබීමයි. එසේ නොමැති සහජ කුසලතා ඇති අය පිළීබඳව අපි විශේෂයෙන් සැලකිළිමත් වෙනවා. ඒ සඳහා අයදුම් කළ හැකියි.

 

Q මල්ලිකා හේමචන්ද්‍ර මෑතකදී ගමිපහ ප්‍රදේශයට පැමිණියා නේද?

ඔවි අපගේ නවතම ශාකා ගමිපහ, සහ කොළඹ ක්‍රෙස් කැට් හී විවෘත කෙරුණා.ඒත් සමඟ අප‍ගේ ශාඛා ජාලය 9ක් බවට පත්වුනා. මේ උත්සව සමය වෙනුවෙන් අපි නව නිර්මාණ රාශියක් හඳුන්වා දී තිබෙනවා.

 

බුද්ධිකා බ්‍රාහ්ම­ණගේ

 

බුද්ධිකා බ්‍රාහ්ම­ණගේ

නව අදහස දක්වන්න