හෙරොයින් ජාවාරම් කළාට මරණ දඬුවම | දිනමිණ

හෙරොයින් ජාවාරම් කළාට මරණ දඬුවම

කුමුදු හෙට්ටිආරච්චි

හෙරොයින් ග්‍රෑම් 18.24 ක් සන්තකයේ තබාගැනීම හා හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධව වරදකරු වූ පනස්තුන් හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (03) මරණීය දණ්ඩනය නියම කෙළේය.

මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මොහොමඩ් සිවාම් නිසාම් නමැත්තාට එසේ මරණීය දණ්ඩනය නියම වුණි.  2010 වසරේ රාජගිරිය සර්පන්ටයින් ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

විත්තිකරු අත්අඩංගුවට පත් දින සිට අද දක්වා රක්ෂිත භාරයේ පසුවීම හේතුකොට ඔහුට ලිහිල් දණ්ඩනයක් ලබා දෙන්නැයි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේය.

මත්ද්‍රව්‍ය භාවිතය සමාජයට මහත් ව්‍යසනයක් වී ඇති හෙයින් සමාජයට පරමාදර්ශයක් වන ලෙස විත්තිකරු හට උපරිම දණ්ඩනය ලබාදීමට අධිකරණය තීරණය කළ බව විත්තිකරු හට මරණීය දණ්ඩනය නියම කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ යොහාන් අබේවික්‍රම මහතා පෙනී සිටියේය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...