පළමු චරිතයම ප්‍රධාන චරිතයක් වූ මධාරා | දිනමිණ

පළමු චරිතයම ප්‍රධාන චරිතයක් වූ මධාරා

* ඔබේ නම කියන්න බලන්න?

මධාරා ගුණසිංහ.

* මේ දිනවල සියත නාලිකාවේ විකාශය වන ආදරවන්තයෝ නාට්‍යයේ ඔබ රඟපානවා?

ඔව්.

* මොකක්ද එහි චරිතය?

අමාවි.

* අමාවි කියන්නේ?

ඇය ගුරුවරියක් ගමේ ඉන්න.

* ඒ කියන්නෙ සුදු චරිතයක්?

මට පළමුව ලැබුණේ සුදු චරිතයක් තමයි.

* ඔබට කොහොමද රඟපාන්න අවස්ථාව උදාවන්නේ?

මම 2013 වසරේ අවුරුදු කුමාරි තරගයකට සහභාගි වුණා. එතනට ඇවිත් හිටියා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ මහේන්ද්‍ර කුලසිංහ මහත්මයා. ඔහු කිව්වා ඔහුගේ ඊළඟ නාට්‍යයට මාව ගන්නවා කියලා. පොරොන්දු වූ පරිදි මාව ඔහු නිළියක් කළා.

* රඟපාන්න කැමැත්තෙන් වගේ හිටියේ?

අම්මෝ ඔව්.

* පළමු චරිතයම ප්‍රධාන චරිතයක් වීම ගැන මොකද කියන්න තියෙන්නේ?

මට හිතාගන්න බැරි අවස්ථාවක් ඒක.

* රංගනයේ නියැළුණත් ඔබගේ වෘත්තීය වෙන එකක්. ඒ ගැන කියමු?

මං ගුවන් හමුදාවේ සේවය කරන්නේ.

* කොහොමද රඟපෑමට වෙලාව හොයා ගන්නේ?

අවශ්‍යම වුණොත් නිවාඩු ගන්නවා. නැත්නම් සෙනසුරාදා ඉරිදා දවස්වලයි රඟපාන්නේ.

* කොහොමද ආයතනයෙන් ලැබෙන සහාය?

ඉතාමත් හොඳයි. මගේ රංගන කටයුතුවලට ඉතා හොඳ සහායක් ලැබෙනවා. මේ වෙලාවේ වර්තමාන ගුවන් හමුදාපතිවරයාවත් මතක් කළ යුතුමයි.

* ගෙදරින් මොන වගේ සහායක් ද ඔබේ රංගන කටයුතුවලට ලැබෙන්නේ?

මුලදී ටිකක් අකැමැති වුණා. තවමත් ඒ අකැමැත්ත අඩු වැඩි වශයෙන් තියෙනවා.

* පළමු රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතාම ඉහළයි. මගේ ආයතනයට ගියාම ඔවුන් වැඩි දෙනෙක් මට මදාරා කියන්නේ නැහැ, අමතන්නේ අමාවී නමින්. මං ඉන්න හින්දම ඇතැම් අය නාට්‍ය බලනවා.

* ඉදිරියේදී මොන වගේ නිර්මාණවලටද කතා කරලා තියෙන්නේ?

මේ නාට්‍ය සමඟින් මට තවත් නාට්‍යයක් ලැබුණා. ඒකේ නම ගිම්හානයේ සඳ. ඒකෙත් ප්‍රධාන චරිතයක මං රඟපාන්නේ. තෝරා බේරාගෙනයි මං රංගනයේ යෙදෙන්නේ.

* පවුලේ විස්තර මොනවාද?

මමයි අම්මයි අක්කයි, මල්ලියි. තාත්තා නැහැ.

* ඔබේ ගම් පළාත කොහේද?

පාදුක්ක.

* ඉගෙන ගත්තු පාසලත් මතක් කළොත්?

රත්නපුර ජේසු බිලින්දාගේ කන්‍යාරාමය.

* උපන් දිනයත් කියමු?

1988. 03. 13

* ඉදිරියේදී මොන වගේ චරිත ද රඟපාන්න කැමැති?

දඟකාර චරිතයක් කරන්න ආසයි.

* රඟපාන්න කැමැත්තෙන් ඉන්න අධ්‍යක්ෂවරු කවුද?

උදයකාන්ත වර්ණසූරිය, ආචාර්ය සෝමරත්න දිසානායක.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?

නිහතමානී කෙනෙක්.

 

නව අදහස දක්වන්න