විශේෂ දුම්රිය සේවා ජනවාරි 07 දක්වා | දිනමිණ

විශේෂ දුම්රිය සේවා ජනවාරි 07 දක්වා

පාසල් නිවාඩු සමය අවසන් වුව ද නව වසර උදාවත් සමග ගම් බිම් බලා යන ජනතාවට සහ නැවත පැමිණෙන ජනතාවගේ පහසුව පිණිස ජනවාරි 07 වනදා දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ කියා සිටියේ මීට අමතරව බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවල විනෝද චාරිකාවල නිරතවන ළමයින් ඇතුලු මගීන් වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාවද එදින දක්වා ක්‍රියාත්මක බවයි.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ගම්බිම් බලා ගොස් යළි කොළඹ පැමිණෙන ජනතාවට ද ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවා ඇති බවයි.

 

නව අදහස දක්වන්න