බීබර් - සෙලීනා එකතු වෙලා? | දිනමිණ

බීබර් - සෙලීනා එකතු වෙලා?

ජස්ටින් බීබර් ගේ පෙම්වතිය සෙලීනා ගෝමස් කියල වරින් වර විවිධ මාධ්‍යවල සටහන් වුණත් ඒඅයුරින්ම එහි අනෙක් පැත්තත් පැවසෙනවා. ඒ කියන්නෙ බීබර් සහ සෙලීනා විරසක වී සිටින බව සඳහන් වන ආරංචිය.රණ්ඩු වෙවී යාළු වෙවී ඇදෙන මේ දෙදෙනා ගේ අපූරු කතන්දරයේ තවත් කොටසක් පසුගිය සතියේ දිගහැරුණා. බීබර් - සෙලීනා එකතු වෙලාලු. ඒ තමයි අලුත් නොවන අලුත්ම ආරංචිය.මේ බව දැනගත්ත බීබර් ගේ ආදරණීය අම්මා (පැටී මැලෙට්) වෙනදාට වඩා සතුටින් සිටිනවාලු.“මම නම් ඒ දෙන්නගේ සම්බන්ධය ගැන වැඩි දෙයක් දන්නෙ නැහැ. මොකද මගේ පුතා මේ ගැන මාත් එක්ක කතා නොකරන නිසා.

ඕනෑම පුතෙක් තමන්ගෙ ප්‍රේම සම්බන්ධකම් ගැන අම්මලාත් එක්ක කතා කරන්නෙ නැහැනෙ.කොහොම වුණත් මම සෙලීනාට ආදරෙයි. ඒ දෙන්නට කරන්න පුළුවන් හැම උදව්වක්ම කරනවා. මට සෙලීනා ව මුණ ගැහිලා තියෙනවා. මට එයා දැන් ගොඩක් හිතවත්. දැන් මගේ පුතා හොඳ තරුණයෙක් මම ඒ ගැන ආඩම්බර වෙනවා. බීබර් ගේ නරක කාලය දැන් ගෙවී අවසන් වගෙයි. ඒ නිසා වෙන්න ඇති ඔහුගේ අම්මා එලෙස සතුටින් කතා කරන්නේ. හොලිවුඩ්පුරයේ බොහෝ දෙනකු ප්‍රාර්ථනා කරන්නේ මත්පැනට ලොල් වී අයාලේ ගත කළ නාස්තිකාර ජීවිතයෙන් මිදී දක්‍ෂ ගායකයකු ලෙස බීබර් ට ඉදිරිය යන්නට හැකිවේවා ය කියලයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...