සාමය ආරක්ෂාව රකින්න පොලීසියේ 15,000ක් | දිනමිණ

සාමය ආරක්ෂාව රකින්න පොලීසියේ 15,000ක්

විජයානි එදිරිසිංහ

පළාත් පාලන ආයතන 248කට නාම යෝජනා බාර ගැනීම ආරම්භ වූ ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පොලිසියේ පහලොස්දහසක පිරිසක් රට තුළ සාමය ආරක්ෂෘ කිරීමට යොදවා තිබේ.

එම පළාත් පාලන ජන්ද විමසිමේ අඥා පනතට අනුව රටේ කිසිම ස්ථෘනයක කිසිම ආකාරයකින් මැතිවරණ පෙළපාලි පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කෙරේ. ‍

පෙළපාලි පැවැත්වීමට අදාළව නීතිය තදින්ම ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසිය. ‍ මීට අදාළ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක්ද නිකුත් කර ඇත.

යම් පිරිසක් විසින් පොලිස් අණ නොතකා යම් ආකාරයකින් පෙළපාලි පැවැත්වුවහොත් එම පිරිස ඍජුවම නියෝජ්‍ය ‍පොලිස්පති මැතිවරණ විසින් අත් අඩංගුවට ගෙන මැතිවරණ කාලය අවසන් වන තෙක් රිමාන්ඩ් බන්ධනා ගාර ගත කිරිමක් සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය..

මේ ආකාරයෙන් පොලිසිය විසින් පෙළපාලි වලට එරෙහිව මේ ආකාරයෙන් නිති තදින් ක්‍රියාත්මක කරනු ලබන් නේ මැතිවරණ පැවැත් වීමට අදාළ ඉතිහාසයේ වැඩිම අපරාධ සිදුවී තිබෙන්නේ පෙළපාලි පැවැත්වීම නිසා බව අපරාධ වාර්තා පෙන්වා දෙයි.

තවද පෙළපාලි පැවැත්වීමට අදාළ වාර්තාවක් අදාළ පෙළපාලි පැවැත්වීම සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කර දින කිහිපයක් ඇතුලත ප්‍රදේශයේ පොලිස් අධිකාරිවරයා වෙත ලබා දිය යුතු වෙයි.

ඊට අමතරව ජන්ද ප්‍රචාරක වැඩ සඳහා පොලිතින් යොදා ගැනීමද සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරියත් පාරිසරික පොලීසියත් එක්ව ඇති බව විශේෂයෙන් සඳහන් කරයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...