පුංචි ඡන්දේ පෙබරවාරි 10දා | දිනමිණ

පුංචි ඡන්දේ පෙබරවාරි 10දා

සිතාරා සේනානි

පළාත් පාලන මැතිවරණය 2018 වසරේ පෙබරවාරි 10 වැනි දා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එයට අදාළ ගැසට් නිවේදනය මෙම දෙසැම්බර් 26 වැනිදා නිකුත් කිරීමට නියමිත බවත් සභාපතිවරයා සඳහන් කරයි.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

එමෙන්ම තැපැල් ඡන්ද ඉල්ලුම්පත් බාර ගැනීම මේ මස 22 වැනි දිනෙන් අවසන් වන බැවින් අදාළ ඉල්ලුම්පත් එදිනට පෙර ඒ ඒ ප්‍රදේශවල පිහිටි මැතිවරණ කාර්යාල වෙත බාර දිය යුතු බවත් සභාපතිවරයා පැවැසීය.

එමෙන්ම, පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමේ දෙවැනි අදියර ඊයේ ආරම්භ වූ අතර, 21 වැනිදා දක්වා එම කටයුතු සිදුකැරෙන බවද කීය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...