දේවාලයේ පින් කැටය කඩාගෙන පිම්මේ ගිහින් | දිනමිණ

දේවාලයේ පින් කැටය කඩාගෙන පිම්මේ ගිහින්

 කණ්ඩලම වැව් බැම්ම ආසන්නයේ පිහිටි මින්නේරි දේවාලයේ පිං කැටය කඩාගෙන මුදල් රැගෙන යමින් සිටි පුද්ගලයකු දඹුල්ල කණ්ඩලම මාර්ගයේ දී රිය අනතුරකට ලක්ව රෝහල් ගත කොට ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්ව ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලීසියට තොරතුරක් ලැබී තිබිණි.

ඒ අනුව දඹුල්ල පොලීසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂාකර බැලීමේදී ත්‍රිරෝද රථයේ විසිවී ගිය පොහොර බෑගගයකට දැමූ කාසි සහ නෝට්ටු තොගයක් සමග මල්ලක් හමුවී තිබේ.

මෝටර් රථයේ රියදුරු සඳහන් කර ඇත්තේ ත්‍රිරෝද රථය ඉතා වේගයෙන් ඉදිරියට පැමිණ එක වැරම මාර්ගයෙන් ඉවතට පැන තම මෝටර් රථයේ වැදුණු බවත් අනතුරත් සමඟ ත්‍රිරෝද රථය පැදවූ රියැදුරු සමඟම පොහොර බෑගයක සල්ලි මල්ලක් විසිවී වැටෙණු දුටු බවයි ඒ අනුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා අපරාධ අංශයේ නිලධාරීන්ට රථවාහන අංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණේ මෙම සල්ලි මල්ල පිළිබඳවත් සැකකරු පිළිබඳවත් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ය.

ඒ අනුව තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මුලින්ම කියා ඇත්තේ තමන් ගෙදර තිබූ කැටයක් කඩාගෙන යන අතරතුර දී මෙම අනතුර සිදුවූ බවය.

පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම සැනින් නිවෙසට ගොස් ඒ පිළිබඳව සොයා බැලීමේදී සාවද්‍ය තොරතුරක් බව අනාවරණය වි තිබේ. නැවතත් තුවාලකරු ගෙන ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ සිය පියාණන් ගලේවෙල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන අයකු බවත් එම දේවාලයේ මුදල් තමන්ට ලබාදුන් බවය .කෙසේ වෙතත් ඔහුගේ පියාගේ ප්‍රකාශයද අසත්‍යක් විය.

පසුව මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා විශේෂ පොලිස් කණ්ඩායමක් ප්‍රදේශයේ අවට පිහිටි වෙහෙර විහාරස්ථාන වලට කෝවිල් වලට යවා පිංකැට පිළිබඳව සොයා බලන්නැයි දැනුම්දී තිබිණි.

ඒ අනුව අනාවරණය වී ඇත්තේ කණ්ඩලම වැව් බැම්මේ පිහිටි දේවාලයේ පිහිටි පිං කැටය කඩාගෙන මෙම පුද්ගලයා රැගෙන විත් ඇති බවය .

එහි භාරකාර කණ්ඩායම ඒ වනවිටත් පිං කැටය කඩා ඇති බවට පොලිසියට පැමිණිලි කිරීම සඳහා ඒමින් තිබීම විශේෂත්වයකි. ඒඅනුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ සියල්ල අනාවරණය කරගත හැකිවිය. සැකකරු දඹුල්ල ඉනාමලුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .

සටහන හා ඡායාරූපය
සීගිරිය විශේෂ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...