2017 ‘අළු බඳුන’ ඔස්ට්‍රේලියාවට | දිනමිණ

2017 ‘අළු බඳුන’ ඔස්ට්‍රේලියාවට

මෙවර ඓතිහාසික අළු බඳුන (The Ashes) ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට අද ඔස්ට්‍රේලියාව සමත් විය.

ඒ, එංගලන්තයට එරෙහිව අද අවසන් වූ තෙවන ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 41ක විශිෂ්ට ජයක් වාර්තා කරමිනි.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 403ක් රැස් කළ අතර, ඩේවිඩ් මාලන් ලකුණු 140ක් සහ ජොනතන් බෙයාර්ස්ටෝ ලකුණු 119ක් රැස් කළහ.

අනතුරුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 662කි.

එහිදී, නායක ස්ටීවන් ස්මිත් ලකුණු 239ක් රැස් කළ අතර මිෂෙල් මාර්ෂ් ලකුණු 181ක් රැස් කිරීමට සමත් විය.

දෙවන ඉනිම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 218කට බිඳ වැටිණි.

ඒ අනුව, ඔස්ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 41ක ජයක් හිමි විය.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ, ස්ටීවන් ස්මිත්.

නව අදහස දක්වන්න