Monday, දෙසැම්බර් 18, 2017 - 01:00
ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තිබෙන රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අගමැති නජිබ් බින් ටන් අබ්දුල් රසාක් මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී ඊයේ (17) මහත් හරසරින් පිළිගනු ලැබීය. ශ්‍රී ලංකාවට පැමිණි මැලේසියා අගමැතිවරයා ගුවන් තොටුපළේ දී සමරු සටහනක් තබන අයුරු. විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහත්වරු ද මෙහි වෙති.
ඡායාරූපය - සුලෝචන ගමගේ
නව අදහස දක්වන්න