හෝස් බටයක් සොරා ගත්තාට මාස හයක සිරදඬුවම් | දිනමිණ

හෝස් බටයක් සොරා ගත්තාට මාස හයක සිරදඬුවම්

හෝස් බටයක් සොරකම්කර පතල් පොළකට රැගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් කුරුවිට පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පෙරවැරදි සහිත පළමු වන විත්තිකරුට බරපතළ වැඩ සහිතව මාස 6ක සිරදඬුවමක්ද,දෙවන විත්තිකරුට වසර දහයක අත්හිටවූ සිරදඬුවමක්ද ලබාදෙන ලෙස රත්නපුර අධිකරණය මගින් නියම කර ඇත. සොරාගත් හෝස්බටය පතල් පොළක තිබියදි පොලිසිය විසින් සොයාගෙන තිබේ. පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.ඒ.පි.ඒ.කුලතුංග මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක රාජපක්ෂ හා කොස්තාපල් (42976) පරණගම යන නිලධාරිහු පරික්ෂණ පවත්වති. 

කුරුවිට සමුහ
රූපිකා කේ.බණ්ඩාර

නව අදහස දක්වන්න