ආණ්ඩුවේ ශක්තිය ගමට ලබා දෙනවා | දිනමිණ

ආණ්ඩුවේ ශක්තිය ගමට ලබා දෙනවා

ඉන්දියන් සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට පත්කිරිමට විශාල ලෙස කටයුතු කරපු අවස්ථාවක ආණ්ඩුවේ ශක්තිය ගමට ලබාදි ගමේ තරුණ තරුණියන්ට හිමි අනාගතය ලබාදිමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවිර මහතා පැවැසිය. මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගර සභාව, සහ හක්මන, මාලිම්බඩ, පස්ගොඩ, යන ප්‍රාදේශිය සභාවලට එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා භාර දිමෙන් පසු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය පරිශ්‍රයේදි මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මේ බව පැවැසිය.ඇමැතිවරයා මෙසේද කීය. මිට වසර දෙකකට පෙර මමත් සාගල ඇමැතිවරයාත් මේ ස්ථානයට පැමිණියේ ආණ්ඩු බලය අල්ලන මැතිවරණයට නාම යොජනා දිමටයි. එමගින් අලුත් ආණ්ඩුවක් අරගෙන රට අලුත් ගමන් මාර්ගයට යොමුකර නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතකර වේගවත් සංවර්ධනයකට අඩිතාලම දමා තිබෙනවා. වසර දෙකහමාරක් ගමට කරපු දැවැන්ත සංවර්ධනය ඊටත් වඩා වේගයෙන් ක්‍රියාත්මක කිරිමටත් තරුණ තරුණියන්ට හිමි අනාගතය ලබාදිම කටයුතු කිරිමත් මේ මැතිවරණයේ අපෙක්ෂාවයි.

නීතිය හා සාමය පිලිබඳ අැමැති සහ අග්‍රාමාත්‍ය කාර්යාල මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා - මේ රටේ රාජ්‍ය බිහිකිරිමේ කොටස්කාරයන් වුණු මාතර ජනතාව වෙනුවෙන් විශාල වගකිමක් භාරගෙන ඒ වගකිම කිරිමේ කාර්ය ආරම්භ කළා.

රටේ ජනතාවට සාධාරණව ජිවත් විමට පුලුවන් හොඳ වාතාවරණයක් ගොඩනගා එම කටයුතු හොඳ තත්ත්වයෙන් ඉදිරියට කරගෙන යන්න සංවර්ධනය වගේම ආර්ථික දියුණුව, රැකියා නිෂ්පාදනය, රටේ ජනතාවගේ ජිවන මට්ටම හොඳ තත්ත්වයට ගෙනි යන්න මේ කටයුතු ගමට ගෙන ගොස් ගමේ ආණ්ඩුවත් අපිට අරගෙන ශක්තිමත්ව ගෙනියන්න මේ මැතිවරණය යොදා ගන්නවා. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතාද මෙහිදී කතා කළේය. 

මාතර සමුහ ඩබ්ලිව්. පි. ධර්මසේන

නව අදහස දක්වන්න