දලයි ලාමාගෙන් අයිෆෝන් 'ඇප්' එකක් | දිනමිණ

දලයි ලාමාගෙන් අයිෆෝන් 'ඇප්' එකක්

අනුගාමිකයන්ට තම සංචාර මෙන්ම ඉගැන්වීම් හා යාවත්කාලීනවිම සඳහා ජංගම දුරකථන යෙදවුමක් (App) දලයි ලාමා හිමියන් හඳුන්වා දී ඇතැයි විදෙස් වාර්තා පවසයි.

ටිබෙට් දේශයෙන් පිටුවහල් කරනලද 82 හැවිරිදි අධ්‍යාත්මික නායකයා සතුව මිලියන 16 ඉක්මවූ ට්විටර් අනුගාමිකයෝ සිටි න අතර මුදල් අයකිරීමකින් තොරව භාවිත කළහැකි වීම විශේෂත්වයක්.

මෙම නව යෙදවුම දැනට අයිෆෝන් (iPhone) මගින් පමණක් බාගත කරගැනීමට හැකිවේ.

එහි ප්‍රවෘත්ති, වීඩියෝ, ඡායාරූප සහ උන්වහන්සේගේ ඉගැන්වීම් තොරතුරු ඇතුළත්ය.

2013දී රෝමානු කතෝලික සභාව 'පෝප් ඇප්' (Pope App) දියත් කර ලද අතර, එය භාවිත කරන්නන්ට පව් සමාකරගැනීමේ යෙදවුමක් තුළින් තම ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ හැකියාව ද ලබාදී තිබුණි.

තම අනුගාමිකයන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකිරීමටත්, ඔවුන් හා නිරන්තර සබඳතා පැවැත්වීමටත්, විවිධ උපකාර කිරීමටත් වෙනත් බොහෝ ආගමික යෙදවුම්ද ඊට සමගාමිව නිර්මාණ විය.

දලයි ලාමා හිමියන්ගේ මෙම නව යෙදවුම 'දලයි ලාමා' යනුවෙන් සරළව නම්කර ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...