මසල් මේනියා අයෝමය ශූරයා තේරීම අදයි | දිනමිණ

මසල් මේනියා අයෝමය ශූරයා තේරීම අදයි

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපති හා අසියානු කායවර්ධන සම්මේලනයේ විධායක නිලධාරි කැලණිය ප්‍රාදේශීය සභා ලේකම් කපිල කුමාර මහතා, ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ‘මසල් මේනියා’ අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය අද පස්වරු 6.00 ට කැලණිය, සිරිල් මැතිව් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙහි මූලික වටයේ තරග ඊයේ කැලණිය ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණ ශ්‍රවණාගාරයේදි පැවැත්වුණි.

බර පංතීන්ගෙන් බැහැරව විවෘත සංදර්ශනාත්මක තරගාවලියක් ලෙස සංවිධාන වූ මේ තරගාවලියට දිවයිනේ නමගිය අයෝමය ශූරයන් ඇතුළු තරගකරුවෝ 60කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටිති.

මසල් මේනියා අයෝමය ශූරයා කිරුළ පළඳින ක්‍රීඩකයාට රුපියල් 150,000 ක්ද, දෙවැනි ස්ථානයට රුපියල් 100000 හා තෙවැනි ස්ථානයට රුපියල් 75,000 ක්ද ප්‍රදානය කෙරෙන අතර අවසන් වටයට තොරා ගන්නා තරගකරුවන් 20 දෙනාටම රුපියල් 50,000 සිට 5000 දක්වා මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ. 

නව අදහස දක්වන්න