JETWING SYMPHONY-JETWING හෝටල් ආයෝ­ජන අංශය මිලි­යන 750ක මූලික මහ­ජන කොටස් නිකු­තු­වක් ප්‍රකා­ශ­ කරයි | දිනමිණ

JETWING SYMPHONY-JETWING හෝටල් ආයෝ­ජන අංශය මිලි­යන 750ක මූලික මහ­ජන කොටස් නිකු­තු­වක් ප්‍රකා­ශ­ කරයි

Jetwing Symphony Limited (JSL) සමාගම සිය අරමුදල් රු. මිලියන 753 සිට රු. මිලියන 904 දක්වා වර්ධනය කරගැනීමේ අරමුණින් යුතුව මූලික මහජන කොටස් නිකුතුව (IPO) සිදු කරන බව 2017 දෙසැම්බර් 14 වනදා නිවේදනය කළේය. මේ අනුව 50,218,856 ක සාමාන්‍ය ඡන්ද හිමි කොටස් (කොටස් 10%ක ප්‍රමාණයක්) කොටසක් රු. 15.00, රු. 16.00, රු. 17.00 සහ රු. 18.00 ලෙස නිකුත් කිරීමට JSL සමාගම කටයුතු කරයි. මෙම කොටස් නිකුතුවේ කළමනාකරු Capital Alliance Partners Limited (CAL) සමාගමයි.

2007 වසරේදී ආරම්භ කෙරුණු JSL සමාගම ඉදිරියේදී Jetwing සමූහගේ ආයෝජන අංශය ලෙස කටයුතු කරනු ඇත. Jetwing Yala (යාල), Jetwing Kaduruketha (වැල්ලවාය), Jetwing Lake (දඹුල්ල), Jetwing Surf (පොතුවිල්) සහ Jetwing Colombo Seven (කොළඹ) එම සමාගමේ ආයෝජන අතර වෙයි. Jetwing Kandy Gallery නමින් මහනුවර ප්‍රදේශයේ නව හෝටල් පරිශ්‍රයක් ඉදිකිරීම සහ සමූහයේ යම් පරිශ්‍රවල හිමිකරු ප්‍රාග්ධන පියවීම් ප්‍රතිතුලනය කිරීම සඳහා මෙම කොටස් නිකුතුවෙන් ලැබෙන අරමුදල් යෙදවෙනු ඇත.

JSL සමාගම වේගයෙන් වර්ධනය වන මෙරට සංචාරක කර්මාන්තය සඳහා පරිසර හිතකාමී සහ දේශීය අත්දැකීමක් සංචාරකයන් වෙනුවෙන් පිරිනමන හෝටල් පරිශ්‍ර රැසක් දායාද කර ඇත. නවතම සංචාරක ඉල්ලුම මඟින් උපරිම ඵල නෙලාගැනීම සඳහා එම සමාගමේ හෝටල් දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රමෝපායික වශයෙන් ස්ථාපනය කර ඇති අතර එමඟින් සංචාරකයන් හට පරිපූර්ණ හා සැබෑ ශ්‍රී ලාංකේය අත්දැකීමක් උරුමකර දීමට එම සමාගම කටයුතු කර ඇත.

 

 

ඡායාරූපය - චමින්ද නිරෝෂණ 

නව අදහස දක්වන්න