ස්ථාන රැසක මිලි මීටර් 100 දක්වා වැස්ස | දිනමිණ

ස්ථාන රැසක මිලි මීටර් 100 දක්වා වැස්ස

දිවයිනේ බොහෝ පළාත්වල සවස වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

                                                   මහජනයා සඳහා කාලගුණ අනාවැකි

                             2017 දෙසැම්බර් මස 14 වන දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි

දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල උදය කාලයේදී ද වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට, විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්(මි.මි.75-100පමණ) සාමාන්‍යයෙන් තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනුලැබේ.

                                   ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                              2017 දෙසැම්බර් මස 14 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි 

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් අපේක්ෂා කල හැක.

දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසානදෙසින්හමයි.

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී.30-40 වන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන තාවකාලිකඉතා තද සුළං (පැ.කි.මී.70-80 දක්වා) සහ රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වියහැක..

නව අදහස දක්වන්න