සාකච්ඡාවෙන් පසු වර්ජනය නැවැත්තුවා | දිනමිණ

සාකච්ඡාවෙන් පසු වර්ජනය නැවැත්තුවා

ශීලා උඩුවර සහ අනුර ප්‍රේමලාල්

දුම්රිය රියැදුරන් , නියාමකයවරුන් පාලකවරුන් හා ස්ථානාධිපතිවරුන් දින 7 ක් පුරා සිදුකළ දුම්රිය වැඩ වර්ජනය පනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද අනු කමිටුව සමග ඊයේ ( 13 ) කරන ලද සකච්ඡාවකින් පසුව තාවකාලිකව අත්හිටුවිමට තිරණය කළ බව දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් කළමණාකරුවන්ගේ සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් පරණ විතාන මහතා පැවසිය.

අපොස සාමාන්‍යපෙළ පාසැල් සිසුනට සිදුවන අපහසුතාවයද මෙහිදි සැලකිල්ලට ගනු ලැබු බව ඒ මහතා පැවැසීය.

ඉකුත් 6 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සහායක රියැදුරන් බදවා ගැනීමේ පරිපාටියට විරෝධය පළ කරමින් දුම්රිය රියැදුරන් මේ වර්ජනය ආරම්භ කළ අතර පසුව වැටුප් විසමතා ප්‍රශ්නයක්ද ඉදිරිපත් කරමින් දුම්රිය පාලකවරුන් , ස්ථානාධිපතිවරුන් හා නියාමකවරුන් මේ වර්ජනයට එක්විණි

වර්ජකයන් සදහා පනවා අත්‍යාවශ්‍ය සේවා ගැසට් නිවේදනය නිකුත් කිරීම හා සේවය හැර ගියාසේ සැලකීමේ නිවේදන ලිපි ඉල්ලා අස්කර ගැනීම, දුම්රිය, සෞඛ්‍ය, අධ්‍යාපන යන දෙපාර්තමේන්තු වෙනම සේවාවන් ලෙස පවත්වාගෙන යාම ඇතුළු කරුණු මෙහිදි වෘත්තිය සමිති නියෝජිතයන් ඉදිරිපත් කරනු ලුබූ අතර ඒවාට එකඟත්වය ලැබුණු බව පරණවිතාන මහතා සදහන් කළේය. මෙම අනුකමිටුවට ඇමැති සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් ඇමැතිවරුන්වන රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර හා අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු අයත්වූහ. හැකි ඉක්මනට දුම්රිය සේවාවන් සාමන්‍ය පරිදි පවත්වාගෙන යෑමට මේ මොහොතේ සිට කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කෙළේය. වර්ජනය පැවැති සතියක පමණ කාලය තුල දුම්රියෙන් රැකියා සඳහා ‍යන සේවක සේවිකාවන් හා පාසැල් සිසුන් අනෙකුත් මගී ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්වි සිටි අතර එය වැළැක්වීම ප්‍රවහන අමත්‍යාංශය , දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඬලය හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා පෞද්ගලික බස්රථ සංගම් විශාල උත්සහයක් දැරීය. 

නව අදහස දක්වන්න