වයඹ බුලත් ගොවියා අන­තුරේ | දිනමිණ

වයඹ බුලත් ගොවියා අන­තුරේ

වයඹ පළාත් සංචාරක සේන ඉදිරිසිංහ

 

වයඹ පළාතේ මේ වන විට බුලත් මිල ඉතා සීඝ්‍රයෙන් පහළ යමින් පවතී. මේ හේතුවෙන් වයඹ පළාත් බුලත් ගොවීහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

පසුගිය දිනවල පැවැති වර්ෂාවත් සමඟ බුලත් ඵලදාවේ ඉහළයෑමක් තිබු බැවින් බුලත් නිෂ්පාදනය යහපත් තත්ත්වයක පැවැතිණි. එහෙත් මිල ඉතා වේගයෙන් පහළ බැසී‍මත් සමඟ බුලත් ගොවියා සිය නිෂ්පාදන අළෙවි කරගැනීමට නොහැකිව සිය නිෂ්පාදන කුණු කොල්ලයට විකුණූහ. බුලත් ගොවීන්ට උද්ගතව තිබූ ගැටලු සම්බන්ධයෙන් පසුගියදා බුලත් වගාකරුවන්ගේ එකමුතු සංවිධානය වයඹ ප්‍රධාන ඇමැති ධර්මසිරි දසනායක මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුහ.

පාකිස්තානයට අපනයනය කරන බුලත් සඳහා අයවැයෙන් නව බද්දක් පනවා ඇති නිසා දේශීය බුලත් ගැණුම්කරුවන් බුලත් මිල පහළ දැමීම මෙම අර්බුදයට හේතුව බව බුලත් වගාකරුවන් මෙහිදී ප්‍රධාන ඇමැතිවරයාට පෙන්වා දුන්හ.

බුලත් අපනයනකරුවන් හා අතරමැදි වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ අත්තනෝමතික බුලත් මිල පහත දැමීම නවත්වන ලෙස අවශ්‍ය පියවර ගන්නා මෙන්ද ඔවුන් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.

තමා මේ සම්බන්ධව සොයා බලා බුලත් ගොවීන් මුහුණ දී ඇති මෙම ගැටලුවලට සාර්ථක විසඳුමක් ලබාදීමට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බවත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය. 

නව අදහස දක්වන්න