ඔබට කොහොමද? | දිනමිණ

ඔබට කොහොමද?

දෙසැම්බර් මස 13 සිට 19 දක්වා

මේෂ
හදිසි ධන ලාභ

නීති ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවේ. එසේ වන්නේ ව්‍යාපාරික සහ සමාජමය ප්‍රශ්න නිසාද විය හැක. වාසස්ථාන මාරුවීම් මෙන්ම ව්‍යාපාර ස්ථානවල ද මාරුවීම්, වෙනස්කම් ආදිය සිදුවීමට පුළුවන. කාර්යාල ලිපිගොනු ගොඩ ගැසේ. අති කාල සේවා ද මේ නිසා ලැබීමේ වාසිය ද ඇත. දේශපාලන කටයුතුවල යෙදීමට යොමුවෙයි. රැකී රක්ෂා කටයුතුවලදී හදිසි ධනය හෙවත් හිඟ මුදල්, බෝනස්, පාරිතෝෂික දීමනා, ගමන් වියදම් ආදිය ලැබේ. පෙම්වතුන්ට නිදහස, තම සිතැඟියාව පරිදි භුක්ති විඳිය හැක. මුත්‍රාබාධ ඇතිවෙයි.

වෘෂභ
අපවාද ලබයි

අය පක්ෂය යහපත්. ව්‍යාපාර ආදායම් මාර්ග බහුවිද විය හැක. ඉඩම්, නිවාස ගනුදෙනු ඇති අයට වාසිදායකය. උසස් අධ්‍යාපනයේ පසුබෑමක් ඇතිවෙයි. තමසේවා ස්ථානයේ කටයුතුවල නායකත්වය ගනියි. ප්‍රතිවාදීන් අභිබවයි. අඹුසැමියන් අතර ආරවුල් පැන නගී. වෙන්වීමේ තර්ජන ද මතු වේ. කලාවට සුබ කාලයකි. පෙම්වතුන් අපවාදවලට භාජනය වෙයි. තම සේවාවන් මඟහැර වෙනත් කටයුතුවල යෙදීම හෝ මඟහැර යෑම සිදුවිය හැක. ලේ විසවීම් සිදුවිය හැක.

මිථුන
පවුල් ගැටුම්

පාසල් අධ්‍යාපනය වියවුල් සහගත තත්ත්වයක් මතුවෙයි. උසස් අධ්‍යාපනයේ කඩාවැටීම්වලට ලක්වෙයි. ඉඩකඩම් ගනුදෙනු ඇති අයට මෙන්ම ඒ සඳහා නඩු හබ ඇති අයටත් වාසිසහගත තත්ත්වයක් උදා වේ. අඩමාන ව්‍යාපාර, කොන්ත්‍රාත්, ව්‍යාපාර ආදියේ නිරතවූවන්ට සුබදායකය. ක්‍රීඩා ක්ෂේත්‍රයේ අය තම දක්ෂතා ඉස්මතුකර පෙන්වයි. පවුල් ජීවිතයේ ගැටුම් ඇතිවෙයි. දේශපාලනයට සම්බන්ධ වූවන්ට හිතකර කාලයකි. රුමෙටික් ආබාධ ඇති විය හැක.

කටක
පෙම්වතුන්ට සුබයි

අධ්‍යාපනයට යහපත්ය. ලේඛකයන්ට, ග්‍රන්ථ කර්තෘවරුන්ට සුබදායක වේ. සෞන්දර්යයට එතරම් හොඳ කාලයක් නොවේ. ඉඩ කඩම්, නිවාස ගැනීමට අපේක්ෂා කරන අයට වාසිදායක තත්ත්වයක් උදාවෙයි. නඩුහබ ඇතිවීමේ හැකියාව අවලංගු කළ නොහැකිය. අඹු සැමි මත භේද උත්සන්න වෙයි. පාසල් අධ්‍යාපනයට අවහිරතා ඇතිවෙයි. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල නිරතවූවන්ට හිතකර වාතාවරණයක් ඇත. පෙම්වතුන්ට සුබ කාලයක් නොවේ. විදේශ මූලාශ්‍රවලින් හිමිවියයුතු මුදල් ප්‍රමාදයට පත්විය හැක. අධි රුධිර පීඩනය මතුවිය හැක. ප්‍රවේශම් වන්න.

සිංහ
ක්‍රීඩාවේ දක්ෂතා

අප පක්ෂයේ දියුණුවක් පෙන්වයි. යම් යම් ප්‍රමාදයන්ට භාජනය වූවත් ප්‍රගතියක් ඇත. ඉඩකඩම් නිවාස ආදිය විකිණීමේ ගනුදෙනුවලින් වැඩි වාසිය අත්පත් කර ගනී. නිවාස අලුත්වැඩියාව සඳහා හෝ ඉඳිකිරීම් සඳහා යන වියදම් පෙන්වයි. ගන්නා තීරණ වාසියට හේතුවේ. අධ්‍යාපනයේ ප්‍රගතියක් ඇත. පෙම්වතුන්ට සුබ සතියක් නොවේ. අපේක්ෂිත විදේශ ගමන් යා හැකිය. ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිරතවූවන් තම දක්ෂතා ඉස්මතු කර පෙන්වයි. මගුල් තුලා කටයුතුවලට එතරම් යහපත් කාලයක් නොවේ. විවාහ යෝජනා ගැන දිගටම ප්‍රවේසමෙන් සිටිය යුතුය. සමේ රෝග ඇති විය හැක.

කන්‍යා
මංගල කටයුතු

සේවා කටයුතුවල ලිපිගොනු ගොඩ ගැසේ. අති කාල සේවා ලබයි. මානසික නොසන්සුන්තාව ඇතිවේ. අය පක්ෂය යහපත් ය. සම්බන්දීකරණ කටයුතුවල අඩාලවීමක් සිදුවිය හැක. ගිවිසුම් ඇති කිරීම්, ප්‍රමාද කළ යුතුය. අධ්‍යාපනය මන්දගාමී වෙයි. එහෙත් සැලසුම් සහගත තත්ත්වයක් පෙනේ. ශාස්ත්‍රීය, පොත්පත්, ලිපිලේඛන කටයුතු සඳහා වියදම් පෙන්වයි. වාසස්ථාන පිළිබඳව අර්බුද ඇති වේ. මඟුල් තුලා කටයුතුවලට සුබය. රෝගාබාධ සම්බන්ධයෙන් වැරදි විනිශ්චයක් ලැබිය හැක.

තුලා
අපවාද ලබයි

මුදල් හිරවීම්වලට භාජනය වෙයි. ආවේගශීලී බව ඉස්මතු වෙයි. අන් අය පාලනය කිරීමේ ශක්තිය ලබයි. සෞන්දර්ය ක්ෂේත්‍රයේ නිරතවූවන්ට හිතකර කාලයක්. අධ්‍යාපනයේ පසුබෑමක් පවතී. පෙම්වතුන්ට බාධා අවහිරතාවලට මුහුණදීමට සිදු වේ. වැඩිහිටියන්ගේ අවධානයට ලක්වෙයි. වෘත්තීය වශයෙන් හදිසි වෙනස්කම් ඇති විය හැක. කට වරද්දාගැනීම නිසා තමන්ට පාඩු සිදුවේ. අපවාද ලබයි. රුධිර පීඩනය ඇතිවිය හැක.

වෘශ්චික
නීති ගැටලු

විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට සුබයි. පාසල් අධ්‍යාපනයට බාධා ඇතිවේ. උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. හිමිවිය යුතු මුදල් කොටස් වශයෙන් ලබයි.කලාවේ ප්‍රගතියක් පෙනෙන්නට තිබේ. නීති ගැටලු ඇතිවේ. මේ නිසා පොලිස්, උසාවි ගානේ යෑමට සිදුවේ. විදේශ ගමන් අපේක්ෂිත අයට ඒවා ඉටුවේ. මඟුල් තුලා කටයුතුවලට යහපත් වාතාවරණයක් ඇති වේ. වකුගඩු රෝග, ඇතිවිය හැක. ප්‍රවේශම් වන්න.

ධනු
කලාවේ පසුබෑමක්

හදිසි ධනය ලැබීම් මෙන්ම හදිසි ධන හානිද පෙන්නුම් කරයි. ලිපි ගොනු කාර්යාලවල ගොඩ ගැසේ. වැදගත් ලිය කියවිලි අස්ථාන ගතවීමට ද ඉඩ ඇත.ඉලෙක්ට්‍රොනික් භාණ්ඩද අස්ථානගතවීමට ඉඩ තිබේ. කලා ක්ෂේත්‍රවල පසුබෑමක් ඇතිවෙයි. ඔවුන් පාඩු ලබයි. පාසල් අධ්‍යාපනයේ සුබවාදි බවක් දැකිය හැක. උසස් අධ්‍යාපනයේ පසුබෑමක් ඇතිවෙයි. විදේශ ගමන්යෑම් කල්ගත වේ. මඟුල් තුලා කටයුතුවලට බාධා ඇති වේ. ළය පීනස් රෝග මතුවේ.

මකර
විදෙස් ගතවීම්

පැරණි දේ, කෞතුක භාණ්ඩ ආදිය හාරා අවුස්සා විපරම් කිරීමට ද පෙළඹේ. පැරණි මිතුරන් හමුවේ. ඉඩම්, නිවාස, ගොඩනැඟිලි ආදිය විකුණා දැමීමේ ගනුදෙනු ඇති අයට වාසිදායකය. වෘත්තීමය වශයෙන් පරිපාලන බලය ලබයි. විදේශ ගතවීමේ අපේක්ෂා ඇති අයගේ අදහස් ඉටුවේ. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට ප්‍රගතියක් පෙන්වයි. පෙම්වතුන් වැඩිහිටියන්ගේ අවධානයට ලක්වේ. මුත්‍රා අමාරු ආදිය ඇතිවෙයි. ප්‍රවේසම් වන්න.

කුම්භ
අධ්‍යාපනයේ ප්‍රගතියක්

ආයෝජන යොදා ඇති අයට, ඒවායෙන් ප්‍රතිඵල ලැබේ. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසිදායකය. කාර්යාල ලිපිගොනු ගොඩ ගැසේ. වෘත්තීමය කලාකරුවන්ට සුබදායක කාලයකි. කාර්යාලීය ලිපිගොනු ගොඩ ගැසේ. කාර්යයන් අවසන් කරගැනීමට ඇති අපහසුව නිසා පීඩනය, ආතතිය ඇතිවෙයි.

අධ්‍යාපනයේ පසුබෑමක් නැත. එහි ප්‍රගතියක් ඇතිවෙයි. අධ්‍යාපනයෙය් පසුබෑමක් නැත. එහි ප්‍රගතියක් ඇතිවෙයි. කල් ගත වූ විදේශ ගමන් යෙදේ. ආමාශයේ ආබාධ, සෙම් රෝග ආදිය ඇතිවෙයි.

මීන
නොසිතු ආපදා

හදිසි ධන හානි ඇතිවෙයි. කොන්ත්‍රාත්, අඩමාන ව්‍යාපාරවල යෙදී සිටින්නන්ට නොසිතූ ආපදාවන්ට ලක්වීමට සිදුවනු ඇත. වෘත්තීමය භාරකාරත්වය සහ පරිපාලන උසස්වීම්වලට ද නිර්දේශ විය හැක. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට නරක නැත. එහෙත් වෙහෙස හා මහන්සිය වැඩිය. ලේඛනයේ, ග්‍රන්ථකරණයේ යෙදී සිටින්නන්ට වැඩ කටයුතු අධිකය. මුත්‍රා අමාරු ඇතිවිය හැක. ප්‍රවේසම් වන්න.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න

නව අදහස දක්වන්න